සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 114

අභිත්ථරති

ක්‍රි. (අභි+ථර. √ භු. සන්ථරණෙ. ඇතිරීමෙහි +ති) අතුරයි, එළයි, ඉතා වේගවත් වෙයි. (පි. 89)

අභිත්ථවති

ක්‍රි. (අභි+ථු √ භු. ථුතියං, ස්තුතියෙහි +උ=ඔ=අව+ති) ස්තුති කරයි, ප්‍රශංසා කරයි. (පි. 89)

අභිත්ථවන

න. ස්තුති කිරීම, පැසසීම. (පි. 89)

අභිත්ථවිත

ති. ස්තුති කළ, පසසනලද. (පි. 89)

අභිත්ථුත

ති. ස්තුති කළ, පසසනලද. (පි. 89)

අභිත්ථුනාති

ක්‍රි. (අභි+ථු. √ කි. ථුතියං, ස්තුති කිරීමෙහි +නා+ති) පසසයි. ස්තුති කරයි. (පි. 89)

අභිතාප

පු. අධිකතාපය, අධිකඋෂ්ණය, ඉතා තැවීම. (පි. 89)

අභිතාලිත

ති. හාත්පසින් තළනලද ගසන ලද. (පි. 89)

අභිතිට්ඨති

ක්‍රි. (අභි+ඨා. √ භු. ගතියං, යාමෙහි, ඨා=තිට්ඨ+ති) සිටියි, ස්ථිරව සිටියි. (පි. 89)

අභිතො

අ. හාත්පස, සමීප, අභිමුඛ, උභය භාගාදි අර්ථයන්හි. (පි. 89)

අභිතොස

පු. මහත්සතුට. (පි. 89)

අභිතොසෙති

ක්‍රි. (අභි+තුස. √ දි. තොසෙ, සතුටෙහි +ති) සතුටු කෙරෙයි, සන්තෝෂ කෙරෙයි. (පි. 89)

අභිදස්සන

න. මනා දර්‍ශනය, යහපත් දැකිම. (පි. 89)

අභිදොස

පු. රාත්‍රිමුඛය, ඊයේ සවස. “අභිදොසකාලකතො භන්තෙ! ආලාරො කාලාමො.” (පි. 89)

අභිධමති

ක්‍රි. (අභි+ධම √ භු. ධමනෙ, ගිනි පිඹීමෙහි +ති) මල හරණ පිණිස උදුනෙහි තවයි, පිඹියි. (පි. 90)

අභිධමන

න. තැවීම, රත් කිරීම, පිඹීම. (පි. 90)

අභිධම්ම

පු. අභිධර්‍මය, උත්තමධර්මය. චිත්ත චෛතසික රූප නිර්‍වාණ යන චතුර්විධ පරමාර්ථයන් පිළිබඳ ධර්මය. අභි විසිට්ඨො ධම්මො=අභිධම්මො. අතිරෙක වූ විශිෂ්ඨ ධර්මය අභිධර්මයයි. සූත්‍රාන්තයේදී ස්කන්ධ, ධාතු, ආයතනාදිය එක දෙශයකින්ම බෙදා ඇති. එහෙත් අභිධර්මයේදී ඔවුහු බෙදිය හැකි හැම ආකාරයකින්ම බෙදා තිබේ. ඒ නිසා විශිෂ්ඨ ධර්මය නම් වේ. (පි. 89)

අභිධම්මික

පු. අභිධර්මිකයා, අභිධර්මය දැන හදාරන්නා. අභිධර්මය දත් තැනැත්තා. (පි. 90)

අභිධාන

න. නාමය, කීම, සංඥා නාමය. (පි. 90)

අභිධානමත්ත

න. අභිධාන මාත්‍රය, කීම පමණ. (පි. 90)

අභිධාරණ

න. දැරීම, ඉසිලීම. (පි. 90)

අභිධාරෙති

ක්‍රි. (අභි+ධර. √ චු. ධාරණෙ, දැරීමෙහි +ණෙ+ති) දරයි, උසුලයි. (පි. 90)

අභිධාවති

ක්‍රි. (අභි+ධාවු. √ භු. ගමනවුද්ධිම්හි,+ති) දුවයි. (පි. 90)

අභිධාවන

න. දිවීම, වේගයෙන් දිවීම. (පි. 90)