සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 115
අභිධාවී
ති. දුවන, දුවනසුලු. (පි. 90)
අභිධෙය්ය
ති. කියයුතු. න. නම. (පි. 90)
අභිධෙය්යලිඞ්ග
පු. වාච්යවන අර්ථයට සමානවන ලිඞ්ගය. සමාස තද්ධිත-කිතක වූ පදයකින් පුරුෂයෙන් වාච්යවේනම්ද ස්ත්රියක් වාච්යවේනම්ද, නපුංකයෙක් වාච්යවේනම්ද එය අභිධෙය්ය ලිඞ්ග නමි. (පි. 90)
අභිනත
ති. නැමුනු, යටත් වූ. (පි. 90)
අභිනදති
ක්රි. (අභි+නද. √ භු. අබ්යත්තෙ සද්දෙ, නොවියත් ශබ්දයෙහි +ති) නාද කරයි, මහාශබ්ද කරයි. (පි. 90)
අභිනදිත
ති. නාද කළ, ශබ්ද කළ. (පි. 90)
අභිනන්දති
ක්රි. (අභි+නන්ද. √ භු. සන්තොසෙ, සතුටින් පිළිගැනීමෙහි, සතුටෙහි +ති) සතුටු වෙයි. (පි. 90)
අභිනන්දන
න. සතුට, සන්තෝෂය, සතුටින් පිළිගැනීම මෙය පස් ආකාරයි, 1. රූප 2. සද්ද, 3. ගන්ධ, 4. රස, 5. ඵස්ස යන මේවාට අභිනන්දන යයි කියත්. (පි. 90)
අභිනන්දිත
ති. සතුටු කරන ලද, පිළිගත්. (පි. 90)
අභිනන්දී
ති. සතුටුවන සුලු. පිළිගන්නා. (පි. 90)
අභිනමති
ක්රි. (අභි+නම. √ භු. නමනෙ, නැමීමෙහි +ති) නමයි, නමස්කාර කරයි, නැමෙයි. (පි. 90)
අභිනමන
න. නැමීම, නැමදීම. (පි. 90)
අභිනය
පු. ශාස්ත්රග්රහණාදි ආකාර දැක්වීම, සරඹ කිරීම, ඉඟිකිරීම. (පි. 90)
අභිනව
ති. නවීන, අලුත්, පුරාණ නොවන. (පි. 90)
අභින්න
ති. නොබිඳුනු, වෙනස් නොවූ, එකාබද්ධ ව. පැවති. (පි. 90)
අභිනාදිත
ති. නාද කළ, ශබ්ද කළ, ඝොෂ කළ. (පි. 90)
අභිනික්ඛමති
ක්රි. (අභි+නි+කමු √ භු. පදවික්ඛෙපෙ, යාමෙහි +ති) අභිනිෂ්ක්රමණය කරයි, නික්මෙයි. (පි. 90)
අභිනික්ඛමන
න. අභිනිෂ්ක්රමණය, ගිහිගෙයින් ඉවත්ව තපසට යාම. (පි. 90)
අභිනික්ඛිපති
ක්රි. (අභි+නි+ඛිප. √ භු. ඡඩ්ඩනෙ, දැමීමෙහි +ති) බහා තබයි, ඉවත තබයි. (පි. 90)
අභිනික්ඛිපන
න. තැබීම, බහා තැබීම, ගෙන ගිය බරක් තැබීම. (පි. 90)
අභිනිකූජන
න. ශබ්ද කිරීම, නාද කිරීම. (පි. 90)
අභිනිකූජිත
ති. නාද කළ, ශබ්ද කළ. (පි. 90)
අභිනිග්ගණ්හන
න. පෙළීම, ගැටීම, නින්දා කිරීම. (පි. 90)
අභිනිග්ගණ්හාති
ක්රි. (අභි+නි+ගහ. √ භු. උපාදානෙ, ගැනීමෙහි, ධාත්වන්තලොප+ණ්හා+ති) නිග්රහ කරයි, ගැටීම කරයි. (පි. 90)