සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 116
අභිනින්නමති
ක්රි. (අභි+නි+නමු. √ භු. නමනෙ, නැමීමෙහි +ති) නමයි, අවනත කෙරෙයි. (පි. 90)
අභිනින්නමන
න. නැමීම, අවනත කිරීම. (පි. 90)
අභිනින්නාමෙති
ක්රි. (අභි+නි+නමු √ භු. නමනෙ, නැමීමෙහි +ණෙ+ති) නමයි. එළවයි. පමුණුවයි. (පි. 90)
අභිනිපජ්ජන
න. නිදීම, සයනය. (පි. 90)
අභිනිපතති
ක්රි. (නි+පත. √ භු. ගමනෙ, යාමෙහි +ති) හෙයි, වැටෙයි, පතිත වෙයි. (පි. 91)
අභිනිපතන
න. වැටීම, හීම, පතනය. (පි. 91)
අභිනිප්පජ්ජති
ක්රි. (අභි+නි+පද. √ භු. ගතියං, යාමෙහි +ති) හොවී, සයනය කරයි, නිදයි. (පි. 90)
අභිනිප්පසාද
පු. මනා ප්රසාදය, හොඳ පැහැදීම. (පි. 90)
අභිනිප්පිළෙති
ක්රි. (අභි+නි+පීල. √ චු. පීඩායං, පෙළීමෙහි +ණෙ+ති) පෙළයි, මිරිකයි, මඩියි. (පි. 91)
අභිනිප්ඵජ්ජති
ක්රි. නිපදියි. හටගනියි. (‘නිප්ඵජ්ජති’ බලනු.) (පි. 91)
අභිනිප්ඵජ්ජන
න. නිපදීම, හටගැනීම. (පි. 91)
අභිනිප්ඵත්ති
ඉ. අභිනිෂ්පත්තිය, හටගැන්ම, උත්පත්තිය. (පි. 91)
අභිනිප්ඵන්න
ති. නිපන්, හටගත්. (පි. 91)
අභිනිප්ඵාදන
න. නිෂ්පාදනය, සම්පාදනය. (පි. 91)
අභිනිප්ඵාදිත
ති. සම්පාදනය කළ, නිපදවන ලද. (පි. 91)
අභිනිප්ඵාදෙති
ක්රි. (අභි+නි+පද. √ චු. ගතියං, යාමෙහි +ණෙ+ති) නිපදවයි. (පි. 91)
අභිනිපාත
න. තුවාල කිරීම, ඇනීම, නැමීම, පහතට හෙලීම. (පි. 91)
අභිනිපාතී
ති. අභිනිපාතනය කරන. (පි. 91)
අභිනිපාතෙති
ක්රි. (අභි+නි+පත. √ චු. ගතිම්හි, යාමෙහි +ණෙ+ති) හෙලයි, තුවාල කරයි, අනියි. (පි. 91)
අභිනිපුණ
ති. දක්ෂ, ප්රගුණ, පණ්ඩිත. (පි. 91)
අභිනිබ්බත්ත
ති. උපන්, හටගත්. (පි. 91)
අභිනිබ්බත්තති
ක්රි. (අභි+නි+වත්ත හෝ වතු. √ භු. වත්තනෙ, ‘ව’ හට ‘බ’ ආදේශ +ති) උපදියි. (පි. 91)
අභිනිබ්බත්ති
ඉ. පුනරුත්පත්තිය, ඉපදීම. (පි. 91)
අභිනිබ්බත්තිත
ති. උපදවනලද. (පි. 91)