සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 117

අභිනිබ්බිජ්ජති

ක්‍රි. (අභි+නි+විද. √ රු. තුට්ඨ්‍යං, සතුටෙහි +ති) කලකිරෙයි, උකටලී වෙයි. (පි. 91)

අභිනිබ්බුත

ති. නිවුනු. (පි. 91)

අභිනිබ්බුති

ඉ. (අභි+නි+වුති) තෘෂ්ණාවෙන් නික්ම යාම, නිවන. (පි. 91)

අභිනිම්මිත

ති. මවනලද, සාදනලද. (පි. 91)

අභිනිම්මිනාති

ක්‍රි. (අභි+නි+මා. √ කි. පරිමාණෙ, ප්‍රමාණ කිරීමෙහි +නා+ති) මවයි, සාදයි. (පි. 91)

අභිනිරොපන

න. නැගීම, පැවරීම. (පි. 91)

අභිනිරොපෙති

ක්‍රි. (අභි+නි+රුප. √ චු. රොපණාදිසු, රෝපණය කිරීම් ආදියෙහි +ණෙ+ති) නගයි, ආරූඪ කෙරෙයි. (පි. 91)

අභිනිවජ්ජන

න. දුරු කිරීම, බැහැර කිරීම. (පි. 91)

අභිනිවජ්ජිත

ති. දුරු කළ, බැහැර කළ, ඉවත් කළ. (පි. 91)

අභිනිවජ්ජෙති

ක්‍රි. (අභි+නි+වජ්ජ. √ චු. වජ්ජනෙ, හැරීමෙහි +ති) දුරු කෙරෙයි, බැහැර කෙරෙයි. (පි. 91)

අභිනිවිට්ඨ

ති. (අභි+නි+විස. √ ත=ට්ඨ.) අන්තර්‍ගත වූ, ඇතුළත් වූ. (පි. 91)

අභිනිවිසති

ක්‍රි. (අභි+නි+විස. √ භු. පවෙසනෙ, ඇතුළත් වීමෙහි +ති) අන්තර්‍ගත වෙයි, ඇතුළත් වෙයි. (පි. 91)

අභිනිවෙස

පු. ඇතුළත් වීම, ප්‍රවේශය. (පි. 91)

අභිනිස්සට

ති. (අභි+නි+සට) දුර ලනලද, හරණලද, නික්මුනු. (පි. 91)

අභිනිසීදති

ක්‍රි. (අභි+නි+සද. √ භු. ගත්‍යව සාදනෙ, ගමන් වැළැක්මෙහි +ති) ගමන් වළක්වයි, හිඳියි, ඉඳියි. (පි. 91)

අභිනිසීදන

න. හිඳීම, ඉඳීම. (පි. 91)

අභිනිහත

ති. (අභි+නි+හත) නසන ලද, පහර දෙනලද. (පි. 91)

අභිනීත

ති. එළවන ලද, පමුණුවන ලද. (පි. 91)

අභිනීල

න. පිරිසිදු නීලවර්ණය. ති. ඉතානිල්. (පි. 91)

අභිනීහරති

ක්‍රි. (අභි+නි+හර. √ භු. හරණෙ, හැරීමෙහි +ති) ප්‍රාර්ථනා කරයි, බැහැර කරයි, එළවයි, පිහිටුවයි. (පි. 91)

අභිනීහාර

පු. ප්‍රාර්ථනාව, ප්‍රණීධිය. “අභිනිහාරෙති මූලප්පණිධානස්සෙතං අධිවචනං,” අභිනීහාර යනු මුලප්‍රණිධියට නමකි, බුදුවීම පිණිස සිත දැඩි කොට ගෙන බුදුවියරණ නොලබා මෙයින් නොනැගිටින්නෙමියි අධිෂ්ඨාන කොට සයනය කිරීම. (පි. 91)

අභිපත්ථනා

ඉ. ශුභ ප්‍රාර්ථනාව, මනා ප්‍රාර්ථනාව. (පි. 92)

අභිපත්ථිත

ති. පතනලද, අධික කොට ප්‍රාර්ථනා කළ. (පි. 92)

අභිපත්ථෙති

ක්‍රි. (අභි+පත්ථ. √ චු. යාචනායං, පැතීමෙහි, ණෙ+ති) පතයි. (පි. 92)