සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 118
අභිපස්සති
ක්රි. (අභි+දිස+ √ භු. පෙක්ඛණෙ, බැලීමෙහි. දිස=පස්ස+ති) නිරීක්ෂණය කරයි, බලයි දකියි. (පි. 92)
අභිපස්සන
න. දැකීම, බැලීම. (පි. 92)
අභිප්පසාදන
න. මනා පැහැදීම. (පි. 90)
අභිපාතෙති
ක්රි. (අභි+පත. √ චු. ගමනෙ, යාමෙහි +ණෙ+ති) හෙළයි, පතනය කරයි. (පි. 92)
අභිපාරුත
ති. පොරොවනලද. (පි. 92)
අභිපාලන
න. මනා පාලනය, ආරක්ෂාව. (පි. 92)
අභිපාලෙති
ක්රි. (අභි+පාල. √ චු. රක්ඛණෙ, රැකීමෙහි +ණෙ+ති) පාලනය කරයි, ආරක්ෂා කරයි. (පි. 92)
අභිපීළිත
ති. පෙළනලද, මිරිකනලද, හාත් පසින් පොඩිකළ. (පි. 92)
අභිපීළෙති
ක්රි. (අභි+පීළ √ චු. පීඩනෙ, පෙළීමෙහි +ණෙ+ති) පෙළයි, පීඩා කරයි. (පි. 92)
අභිපුච්ඡති
ක්රි. (අභි+පුච්ඡ. √ භු. පුච්ඡනෙ, විචාරීමෙහි +ති) මනාව විචාරයි, මොනවට පිළිවිසී. (පි. 92)
අභිපූරෙති
ක්රි. (අභි+පූර. √ චු. ආප්යායනෙ, ප්රීතියෙහි හෝ තෘප්තියෙහි +ණෙ+ති) ප්රීත වෙයි, පුරවිය. (පි. 92)
අභිභව
පු. අභිභවනය කිරීම, මැඩ පැවැත්වීම, යටත් කිරීම. (පි. 92)
අභිභවති
ක්රි. (අභි+භූ. √ භු. සත්තායං, වීමෙහි, ඌ=ඔ=අව+ති) මඩියි, යටත් කෙරෙයි, මිරිකයි. (පි. 92)
අභිභවනීය
ති. මැඩ පැවැත්වියයුතු, මැඩිය හැකි. (පි. 92)
අභිභායතන
න. අෂ්ටවිධ වූ අභිභායතන, ආයතන සඞ්ඛ්යාත කසිණාරම්මණයන් අබිබවා සමවදිනු ලබන ධ්යාන. (ඤාණුත්තරික යොගාවරච තෙමේ “මේ අරමුණෙහි සම වැදියයුතු කුමක් නම් ඇද්ද? සිත එකඟකර ගැනීමේ බරක් මට නොමැත” යනු සිතා ඒ අරමුණු නොගෙන ධ්යානයන්ට සමවදියි. නිමිත්තොත්පාදය සමගම අර්පණාව උපදවයි. එසේ උපදවනු ලැබූ ධ්යානයෝ අභිභායතනයෝ යයි කියනු ලැබෙත්.) ප්රතිභාග නිමිත්තොත්පත්තීන් මතු දෙවන තුන්වන ජවන වීථියෙහි හෝ සතරවන පස්වන වීථියෙහි හෝ උපදවන ලද ධ්යාන අට. (මහානිද්දෙසට්ඨකථා 7. සූත්රයේ අටුවාව හා අත්ථසාළිනී අභිභායතනකථාවද විසුද්ධිමග්ග සෙසකසිණනිද්දෙසයද බලනු) (පි. 92)
අභිභාසන
න. සම්යක්කථාව, මනා කථාව. (පි. 92)
අභිභු
පු. මැඩපවත්වන්නා බුදුරජ, බ්රහ්මයා. (පි. 92)
අභිභූත
ති. මඩනාලද, යටත්කළ. (පි. 92)
අභිභූයති
ක්රි. (අභි+භූ. √ භු. සත්තායං, වීමෙහි +ය+ති) මැඩ පවත්වනු ලැබෙයි. (පි. 92)
අභිමණ්ඩිත
ති. මනා ව. සැරසුනු. (පි. 92)
අභිමද්දති
ක්රි. (අභි+මද. √ භු. මද්දනෙ, මැඩීමෙහි +ති) මඩියි, මිරිකයි, පොඩි කරයි. (පි. 92)
අභිමද්දන
න. මැඩීම, පෙළිම. (පි. 92)
අභිමද්දිත
ති. මඩනාලද, මිරිකනලද. (පි. 92)
අභිමන්ථති
ක්රි. (අභි+මන්ථ √ භු. විලොළනෙ, කැළඹීමෙහි +ති) කළඹයි, මත් ගායි. (පි. 92)