සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 119

අභිමනාප

පු. අභිලාෂය, කැමැත්ත. (පි. 92)

අභිමාන

පු. අධික මානය, ආඩම්බරය, මානය. (පි. 92)

අභිමුඛ

පු. සම්මුඛය, ඉදිරිය. (පි. 92)

අභියාචති

ක්‍රි. (අභි+යාච. √ භු. යාචනෙ, යාච්ඤාවෙහි +ති) ඉල්වයි. යාච්ඤා කෙරෙයි. (පි. 92)

අභියාචන

න. ඉල්ලීම, යැදීම. (පි. 92)

අභියාචිත

ති. ඉල්ලන ලද, ඉල්ලූ. (පි. 92)

අභියාති

ක්‍රි. (අභි+යා. √ භු. ගතියං, යාමෙහි +ති) ඉදිරියට යෙයි, අභිමුඛයට යයි, යෙයි. (පි. 92)

අභියුජ්ඣති

ක්‍රි. (අභි+යුද්ධ √ දි. සම්පහාරෙ, යුද්ධ කිරීමෙහි +ති) යුද්ධ කෙරෙයි, ඇන කොටා ගනී, පෙරඹුණෙහි යුද කෙරෙයි. (පි. 92)

අභියුඤ්ජති

ක්‍රි. (අභි+යුජ. √ රු. යොගෙ, යෙදීමෙහි +ති) යෙදෙයි, යොදයි. (පි. 93)

අභියුඤ්ජන

න. යෙදීම. (පි. 93)

අභියුඤ්ජිත

ති. යොදනලද, අභියොග කළ. (පි. 93)

අභියොග

පු. යොගය, යෙදීම, යුද්ධයට කැඳවීම, කඩු කීම. (පි. 93)

අභියොගී

පු. යොදන්නා. (පි. 93)

අභියොබ්බන

න. අභිනව යෞවනය, නව යොවුන. (පි. 93)

අභිරක්ඛණ

න. රැකීම, සුරක්ෂිත කිරීම. (පි. 93)

අභිරක්ඛති

ක්‍රි. (අභි+රක්ඛ √ භු. රක්ඛණෙ, රැකීමෙහි +ති) ආරක්ෂා කෙරෙයි, රකියි. (පි. 93)

අභිරත

ති. ඇලුණු, ඉතා ඇලුණු. (පි. 93)

අභිරත්ත

ති. රත් වූ, රාගයෙන් රත් වූ. (පි. 93)

අභිරති

ඉ. කාමතෘෂ්ණාව, අතිශයින් ඇලීම. (පි. 93)

අභිරද්ධ

ති. ඇලුණු. (පි. 93)

අභිරද්ධී

ඉ. අභිරතිය. (පි. 93)

අභිරමණ

න. සිත් ඇලවීම, ආශා කිරීම. (පි. 93)

අභිරමතී

ක්‍රි. (අභි+රමු. √ භු. කීළායං, ක්‍රීඩාවෙහි +ති) ඇලෙයි, අභිරති කෙරෙයි. (පි. 93)

අභිරවති

ක්‍රි. (අභි+රු. √ භු. සද්දෙ, ශබ්දයෙහි. උ=ඔ=අව+ති) ශබ්ද කෙරෙයි. (පි. 93)