සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 120

අභිරාධිත

ති. සතුටු කරන ලද. (පි. 93)

අභිරාධෙති

ක්‍රි. (අභි+රාධ. √ භු. හිංසායං සංරාධෙ, පෙළීමෙහි හා සිත් ගැනීමෙහි, අ=එ+ති) සතුටු කෙරෙයි. (පි. 93)

අභිරාම

ති. මනරම්, සුන්දර, සිත් අලවන. (පි. 93)

අභිරුචි

ඉ. ආශාව, රිස්ස. (පි. 93)

අභිරුචිත

ති. කැමති වන ලද, රුචි කරන ලද. (පි. 93)

අභිරුචිර

ති. ඉතා මනාප, ඉතා සිත්කලු. (පි. 93)

අභිරුහණ

න. නැඟීම්, ආරූඪ වීම. (පි. 93)

අභිරූප

ති. විශිෂ්ටරූපයක් ඇති, මනාරූ ඇති. (පි. 93)

අභිරූහති

ක්‍රි. (අභි+රුහ √ භු. පාතුභාවෙ, පහළ වීමෙහි +ති) ආරූඪ වෙයි, නගී. (පි. 93)

අභිරූළ්හ

ති. ආරූඪ වූ, නැගුනු. (පි. 93)

අභිරොචති

ක්‍රි. (අභි+රුච. √ භු. දිත්ත්‍යං, බැබලීමෙහි +ති) බබලයි, දිලිසෙයි. (පි. 93)

අභිරොපණ

න. නැංවීම, සිත යොමු කිරීම. බීජ රෝපණය. (පි. 93)

අභිරොපිත

ති. මනාව රෝපණය කළ. (පි. 93)

අභිරොපෙති

ක්‍රි. (අභි+රූප √ චු. රොපණෙ, රෝපණය කිරීමෙහි +ණෙ+ති) බීජාදිය ඉඳුවයි. (පි. 93)

අභිරොහ

පු. නැඟීම, මණ්ඩනාදිවශයෙන් ශරීරය අලඞ්කාර කිරීම. (පි. 93)

අභිලක්ඛිත

ති. සලකුණු කළ, නියමිත. (පි. 93)

අභිලඞ්ඝති

ක්‍රි. (අභි+ලඞ්ඝ. √ භු. ලඞ්ඝනෙ, පැන යාමෙහි +ති (පැන යෙයි, නගියි.) (පි. 93)

අභිලම්බති

ක්‍රි. (අභි+ලබි. √ භු. අවසංසනෙ, එල්ලීමෙහි +ති) එල්බෙයි, එල්ලෙයි. (පි. 93)

අභිලම්බිත

ති. එල්වනලද. (පි. 93)

අභිලාප

පු. වචනය, කීම, ආක්‍රෝශය. (පි. 93)

අභිලාව

පු. කැපීම, ගොයම් ආදිය කැපීම. (පි. 93)

අභිලාස

පු. ආසාව, තෘෂ්ණාව, කැමැත්ත. (පි. 93)

අභිලිම්පති

ක්‍රි. (අභි+ලිප. √ රු. ලීම්පනෙ, ගෑමෙහි +=ම+ති) ආලේප කරයි. (පි. 93)

අභිලෙඛති

ක්‍රි. (අභි+ලිඛ √ භු. ලෙඛෙ, ලිවීමෙහි +ති) ලියයි, ඉරි ගසයි. (පි. 93)