සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 121
අභිලෙඛන
න. ලිවීම, ඉරි ගැසීම. (පි. 93)
අභිලෙප
පු. ආලේපය, තැවරීම, ගෑම. (පි. 93)
අභිලෙපන
න. ආලේපනය. (පි. 93)
අභිවඤ්චන
න. වඤ්චා කිරීම, රැවටීම. (පි. 93)
අභිවට්ඨ
න. වැස්ස. ති. තෙත් කරන ලද. (පි. 93)
අභිවඩ්ඪති
ක්‍රි. (අභි+වඩ්ඩ. √ භු. වඩ්ඪනෙ, වැඩීමෙහි +ති) ඉතා වැඩෙයි, දියුණු වෙයි. (පි. 93)
අභිවඩ්ඪන
න. වැඩීම, අභිවර්ධනය. (පි. 93)
අභිවඩ්ඪි
ඉ. අභිවෘද්ධිය, වැඩීම. (පි. 93)
අභිවණ්ණිත
ති. වර්ණනා කරන ලද, පසසන ලද. (පි. 93)
අභිවණ්ණෙති
ක්‍රි. (අභි+වණ්ණ. √ චු. සංවණ්ණනෙ, වර්ණනා කිරීමෙහි +ණෙ+ති) වර්ණනා කෙරෙයි, පසසයි, ස්තුති කෙරෙයි. (පි. 93)
අභිවදති
ක්‍රි. (අභි=වද. √ භු. වචනෙ, කීමෙහි +ති) කියයි, ප්‍රකාශ කරයි. (පි. 94)
අභිවන්දති
ක්‍රි. (අභි+වන්ද √ භු. අභිවාදනෙ වැඳීමෙහි +ති) වඳියි, නමස්කාර කෙරෙයි. (පි. 94)
අභිවන්දන
න. වැඳීම, නැමදීම, භක්තියෙන් වැඳීම. (පි. 94)
අභිවස්සක
පු. වර්ෂා කරන්නා, මෙඝය, වලාකුළ. (පි. 94)
අභිවස්සති
ක්‍රි. (අභි+වස්ස. √ භු. සෙවනෙ, තෙමීමෙහි +ති) අධික ව. වසී, වසී. (පි. 94)
අභිව්යත්ති
ඉ. පැතිර පැවැත්ම, වෙසෙසින් පැහැදිලි බව. (පි. 94)
අභිව්යාපෙති
ක්‍රි. (අභි+වි+ඉ. √ භු. ගතියං, යාමෙහි +ණාපෙ+ති) පතුරුවයි, ව්‍යාප්ත කෙරෙයි. (පි. 94)
අභිවාදන
න. මනාකොට වැඳීම. (පි. 94)
අභිවාදිත
ති. වඳිනලද, නමස්කාර කළ. (පි. 94)
අභිවාදෙති
ක්‍රි. (අභි+වදි √ චු. අභිවාදනෙ, වැඳීමෙහි +ණෙ+ති) මනාකොට වඳියි. වන්දවයි. (පි. 94)
අභිවායති
ක්‍රි. (අභි+වා. √ දි. ගතිබන්ධනෙසු. යාමෙහි, හැමීමෙහි +ය+ති) හුළං හමයි. (පි. 94)
අභිවාරෙති
ක්‍රි. (අභි+වර √ චු. ආවරණෙ වැළකීමෙහි +ණෙ+ති) වළකයි, ආවරණය කෙරෙයි. (පි. 94)
අභිවාහෙති
ක්‍රි. (අභි+වහ. √ භු. පාපණෙ, පැමිණීමෙහි +ණෙ+ති) ඉවත් කෙරෙයි, විනාශ කෙරෙයි, පාකරයි. (පි. 94)
අභිවිජයති
ක්‍රි. (අභි+වි+ජී. √ භු. ජයෙ, දිනීමෙහි +ති) වෙසෙසින් දිනයි, ජය ගනියි. (පි. 94)