සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 122

අභිවිජානාති

ක්‍රි. (අභි+වි+ඤා. √ කි. අවබොධනෙ, අවබොධ කිරීමෙහි. ධාතුහට ‘ජා’ ආදෙස+නා+ති) දිනයි. (පි. 94)

අභිවිජායති

ක්‍රි. (අභි+වි+ජනි. √ දි. පාතුභාවෙ, පහළ වීමෙහි +ති) ප්‍රසූත කරයි, උපදියි. (පි. 94)

අභිවිජිනාති

ක්‍රි. (අභි+වි+ජි √ කි. ජයෙ, දිනීමෙහි +ති) දිනයි, ජයගනී. (පි. 94)

අභිවිඤ්ඤාපන

න. සංඥාපනය, දැන්වීම, හැඟවීම. (පි. 94)

අභිවිඤ්ඤාපෙති

ක්‍රි. (අභි+වි+ඤප √ චු. තොසෙ, සතුටු කිරීමෙහි +ණෙ+ති) මනාව හඟවයි, දන්වයි. (පි. 94)

අභිවිතරති

ක්‍රි. (අභි+වි+තර. √ භු. පල්වන-තරණෙසු, පීනීමය-එතරවීමය යන මෙහි +අ+ති) දුරු කෙරෙයි, දෙයි. (පි. 94)

අභිවිධි

ඉ. ගනුලබන සීමාව, සීමාව ඇතුළත් කර ගැනීම ඇති පිරිසිඳීම. (පි. 94)

අභිවිනය

පු. උත්තම විනය, කායාදිද්වාරත්‍රය හික්මවා ගැනීම, ආපත්ති ආදිය ප්‍රකාශිත විනය. (පි. 94)

අභිවින්දති

ක්‍රි. (අභි+විද. √ රු. ලාභෙ, ලාභයෙහි +ති) ලබයි, විඳියි ප්‍රයොජනය ගනී, වලඳයි. (පි. 94)

අභිවිස්සජති

ක්‍රි. (අභි+වි+සජ √ භු. විස්සජ්ජනෙ, හැරීමෙහි +ති) හරියි, මුදයි. පිටත් කර යවයි. (පි. 94)

අභිවිස්සත්ථ

ති. පහ වූ සැක ඇති, නිසැක. (පි. 94)

අභිවිසිට්ඨ

ති. ඉතා ශ්‍රේෂ්ඨ, අති උත්තම. (පි. 94)

අභිවිහච්ච

පු.ක්‍රි. නසා, සිඳ, බිඳ, (හනධාතු කෙරෙන් ‘ත්වා’ හට, ‘රච්ච’ ආදේශ හා නකාරලොප) (පි. 94)

අභිවුට්ඨ

ති. වර්‍ෂා කළ. (පි. 94)

අභිවුට්ඨි

ඉ. මහවැස්ස, මහාමෙඝය. (පි. 94)

අභිවුද්ධ

ති. ඉතා වෘද්ධ, ඉතා වැඩුනු. (පි. 94)

අභිවුද්ධි

ඉ. අභිවෘද්ධිය, මනාව වැඩීම. (පි. 94)

අභිවෙඨන

න. එතීම වෙළා බැඳීම. (පි. 94)

අභිවෙඨෙති

ක්‍රි. (අභි+වෙඨ. √ චු. වෙඨනෙ, වෙළීමෙහි +ති) වෙළයි, ඔතයි. (පි. 94)

අභිවෙදෙති

ක්‍රි. (අභි+විද √ චු. ලාභෙ, ලැබීමෙහි +ණෙ+ති) ලබයි, වළඳයි, විඳියි, දන්වයි. (පි. 94)

අභිසංවිසති

ක්‍රි. (අභි+සං+විස. √ භු. පවෙසනෙ, ප්‍රවිෂ්ට වීමෙහි +ති) ප්‍රවිෂ්ට වෙයි, ඇතුළත් වෙයි. (පි. 95)

අභිසංසති

ක්‍රි. (අභි+සංස. √ භු. පසංසනෙ, පැසසීමෙහි +ති) පසසයි, ස්තුති කරයි, ශුභාශිර්‍වාද කරයි. (පි. 95)

අභිසංසනා

ඉ. ප්‍රශංසාව, ආශංසනය, පැතීම. (පි. 95)

අභිසඞ්ඛට(ත)

ති. (අභි+සි+කර √ ‘ක’හට ‘ඛ’. ‘ත’හට ‘ට’) රැස් කළ, සකස් කළ, අභිසංස්කරණය කළ. (පි. 94)