සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 123

අභිසඞ්ඛරණ

න. සකස් කිරීම, පිළියෙල කිරීම, සම්පාදනය, අභිසංස්කරණය. (පි. 94)

අභිසඞ්ඛරොති

ක්‍රි. (අභි+සං+කර √ ත. කර‍ණෙ, කිරීමෙහි, ‘කර’ හට ‘ඛර’ ආදේශයි+ඔ+ති) අභිසංස්කරණය කරයි, සකස් කරයි. (පි. 94)

අභිසඞ්ඛාර

පු. අභිසංස්කරණය, පිළියෙළ කිරීම, රැස් කිරීම. (පි. 95)

අභිසඞ්ඛාරික

ති. (අභිසඞ්ඛර+ඉක) පිළියෙළ කළ, සකස් කළ. (පි. 95)

අභිසඞ්ඛිපන

න. වීසි කිරීම. (පි. 95)

අභිසඞ්ඛීපති

ක්‍රි. (අභි+සං+ඛිප. √ ඟු. ඡඩ්ඪනෙ, දැමීමෙහි +ති) දමා ගසයි, වීසි කරයි. (පි. 95)

අභිසඞ්ග

පු. ඇලීම, එකට එක ඈඳීම. ආක්‍රෝශය. (පි. 95)

අභිසඞ්ගී

ති. ඇලුණු, ආක්‍රෝශ කරන. (පි. 95)

අභිසජ්ජති

ක්‍රි. (අභි+සජ්ජ √ භු. සජ්ජනෙ, සෑදීමෙහි +ති) සාදයි, පිළියෙල කරයි, ගැලෙයි, ගිලෙයි. (පි. 95)

අභිසජ්ජන

න. ගැටීම, හැරීම, දොස් පහළ කිරීම. (පි. 95)

අභිසඤ්චිනන

න. රැස් කිරීම, රාශිභූත කිරීම. (පි. 95)

අභිසඤ්චිනාති

ක්‍රි. (අභි+සං+චි. කි. චයෙ, රැස් කිරීමෙහි +නා+ති) රැස් කෙරෙයි. (පි. 95)

අභිසඤ්චෙතසික

ති. උත්තම චිත්තයෙහි වූ. (පි. 95)

අභිසඤ්චෙතෙති

ක්‍රි. (අභි+සං+චිත. √ චු. සඤ්චෙතනෙ, සිතීමෙහි +ණෙ+ති) සිතයි, මෙනෙහි කරයි. (පි. 95)

අභිසඤ්ඤා

ඉ. මනා හැගීම, මනා හැඳිනීම. (පි. 95)

අභිසඤ්ඤූහති

ක්‍රි. (අභි+සං+ඌහ. √ භු. විතක්කෙ, කල්පනා කිරීමෙහි += ‘ඤ’ද්විත්තයි+ති) කල්පනා කෙරෙයි, සිතයි. (පි. 95)

අභිසට

ති. පැමිණි, සම්ප්‍රාප්ත. සලකුණු බලා ගිය. (පි. 95)

අභිසත්තු

පු. සතුරා, විරුද්ධකාරයා. (පි. 95)

අභිසද්දහති

ක්‍රි. (අභි+සං+දහ. √ භු. පතිට්ඨායං, පිහිටීමෙහි +ති) අදහයි, විශ්වාස කෙරෙයි. (පි. 95)

අභිසද්දහන

න. ඇදහීම, ශ්‍රද්ධාව, විශ්වාසය. (පි. 95)

අභිසන්ත

ති. ඉතිරී ගිය, ගලා ගිය. (පි. 95)

අභිසන්තාප

පු. තැවීම, රත් කිරීම, ගිනියම් කිරීම. (පි. 95)

අභිසන්තාපෙති

ක්‍රි. (අභි+සං+තප. √ චු. සන්තාපෙ, තැවීමෙහි +ණෙ+ති) තවයි, උණුසුම් කෙරෙයි. (පි. 95)

අභිසන්ද

පු. ගලා ඊම, බැස ඊම, ජලධාරාවක් ගලා බැසීම. (පි. 95)