සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 124
අභිසන්දන
න. ගලා බැසීම, ඉතිරී යාම. (පි. 95)
අභිසන්දහති
ක්රි. (අභි+සං+දහ. √ භු. භස්මිකරණෙ, හලු කිරීමෙහි +ති) දවයි, අලු කෙරෙයි. (පි. 95)
අභිසන්දහන
න. හලු කිරීම, දැවීම. (පි. 95)
අභිසන්දෙති
ක්රි. (අභි+සන්ද √ භු. පස්සවනෙ ගලා ඊමෙහි +අ=ඒ+ති) ගලා බස්වයි. (පි. 95)
අභිසන්ධි
ඉ. අභිප්රාය, අදහස. (පි. 95)
අභිසපති
ක්රි. (අභි+සප+ √ භු. අක්කොසෙ, ආක්රෝශ කිරීමෙහි +ති) ශාප කෙරෙයි. දිවුරයි. (පි. 95)
අභිසපන
න. ශාප කිරීම, දිවිරීම. (පි. 95)
අභිසමය
පු. අවබෝධය, දැනගැන්ම. (පි. 96)
අභිසමයට්ඨ
පු. අභිසමයාර්ථය. (පි. 96)
අභිසම්පන්න
ති. සම්පූර්ණ, පරිපූර්ණ, පිරුණු. (පි. 95)
අභිසම්පරාය
පු. පරලොව, මතු උත්පත්ති භවය.
පු. පරලොව, අන්යභවය. (පි. 95)
අභිසම්බුජ්ඣති
ක්රි. (අභි+සං+බුධ. √ දි. අවගමනෙ, අවබොධයෙහි +ති) අවබෝධ කෙරෙයි, ප්රතිවේධ කෙරෙයි. (පි. 95)
අභිසම්බුජ්ඣන
න. අවබෝධය, වැටහීම. (පි. 95)
අභිසම්බුද්ධ
ති. මනාව අවබෝධ කළ, මනාව ප්රතිවේධ කළ. (පි. 95)
අභිසම්බොධි
ඉ. සම්යක්සම්බොධිය, සර්වඥතාඥානය. (පි. 95)
අභිසම්භව
පු. උත්පත්තිය, හටගැන්ම. (පි. 95)
අභිසම්භවති
ක්රි. (අභි+සං+භූ. ඌ=ඔ=අව+අ+ති) හටගනී, උපදියි. (පි. 95)
අභිසම්භු
පු. මනාව තෙමේ ම හටගත් තැනැත්තා. (පි. 96)
අභිසම්භුණාති
ක්රි. (අභි+සම්භු. √ සු. පාපුණනෙ, පැමිණීමෙහි +උණා+ති) පැමිණෙයි. ලබයි. හැකි වෙයි. (පි. 96)
අභිසම්භුත
ති. මනාව හටගත්, උපන්, පහළ වූ. (පි. 96)
අභිසම්මති
ඉ. සම්මත කර ගැනීම, නියම කර ගැනීම.
ක්රි. (අභි+සමු √ දි. උපසමෙ, සන්සිඳීමෙහි +ති) සන්සිඳෙයි. (පි. 96)
අභිසමාගච්ඡති
ක්රි. (අභි+සං+ආ+ගමු. √ භු. ගතියං, යාමෙහි +ච්ඡ+ති) යහපත්ව එකට එක් වෙයි, රැස් වෙයි. (පි. 96)
අභිසමාචාර
පු. උත්තම හැසිරීම. (පි. 96)
අභිසමිත
ති. (අභි+සං+ඉ. √ ගතියං, යාමෙහි +ත) සන්සිඳුවන ලද. (පි. 96)