සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 125
අභිසමෙක්ඛති
ක්රි. (අභි+සං+ඉක්ඛ. √ භු. දස්සනෙ, දැකීමෙහි +ති) බලයි, පරීක්ෂා කෙරෙයි. (පි. 96)
අභිසමෙච්ච
පු.ක්රි. දැන, ප්රතිවේධ කොට. (පි. 96)
අභිසමෙතාවී
ති. සන්සිඳුනු, අවබෝධකළ. (පි. 96)
අභිසමෙති
ක්රි. (අභි+සමු. √ චු. උපසමෙ, සන්සිඳීමෙහි +ණෙ+ති) සන්හිඳුවයි. අවබෝධ කෙරෙයි. (පි. 96)
අභිසර
පු. අනුචරයා, සමග හැසිරෙන්නා. (පි. 96)
අභිසල්ලිඛති
ක්රි. (අභි+සං+ලිඛ. √ භු. ලෙඛනෙ, ලිවීමෙහි, ඉරි ඇඳීමෙහි, සිඳීමෙහි +ති) ලියයි, ඉරි අඳියි, සිඳියි. (පි. 96)
අභිසල්ලෙඛ
පු. මනාකොට සිඳීම, ඉරි ගැසීම, කෙලෙසුන් සිඳීම. (පි. 96)
අභිසල්ලෙඛික
ති. කෙලෙසුන් ගෙවීම පිණිස අතිශයින් යෙදුනු. (පි. 96)
අභිසල්ලෙඛිත
ති. ලියනලද, සිඳිනලද. (පි. 96)
අභිසාප
පු. ශාප කිරීම, විපතක් වේවා යි දෙවාදීන්ට යැදීම, අන්තරායයක් වේවා යි පැතීම. (පි. 96)
අභිසාරිකා(යා)
ඉ. සලකුණට යන වෙසඟන, අභිසාරිකාව. (පි. 96)
අභිසාරෙති
ක්රි. (අභි+සර. √ භු. ගතියං, යාමෙහි +ණෙ+ති) ඉදිරියට යවයි. (පි. 96)
අභිසිඤ්චති
ක්රි. (අභි+සිච. √ රු. සෙකෙ, ජලය ඉසීමෙහි +ති) සෙචනය කරයි, දිය ඉසියි අභිෂේක කෙරෙයි. (පි. 96)
අභිසිඤ්චන
න. ජලසෙචනය, දිය ඉසීම, අභිෂේකය. (පි. 96)
අභිසිත්ත
ති. අභිෂේක කළ, ජලසෙචනය කළ. කිරීටධාරණයෙහි දී කරන සුවඳ පැන් ඉසීම. (පි. 96)
අභිසෙක
පු. අභිෂේකය, කිරීටධාරණය, ඔටුනු පැලඳීම. (පි. 96)
අභිසෙචති
ක්රි. (අභි+සිච. √ භු. ඝරණෙ, ඉසීමෙහි +ති) ඉසියි, ජලසෙචනය කරයි. (පි. 96)
අභිසෙචන
න. ඉසීම, ජලය ඉසීම. (පි. 96)
අභිසෙති
ක්රි. (අභි+සි. √ භු. සයෙ, නිදීමෙහි +ති) සයනය කෙරෙයි. (පි. 96)
අභිසෙවති
(අභි+සෙවු. √ භු. සෙවනෙ, ආශ්රය කිරීමෙහි +ති) සේවනය කරයි. (පි. 96)
අභිසෙවන
න. සේවනය, ආශ්රය. (පි. 96)
අභිහට
ති. එළවන ලද, පමුණුවනලද. (පි. 96)
අභිහත
ති. නසනලද, තළනලද. (පි. 96)
අභිහනති
ක්රි. (අභි+හන √ භු. හිංසායං, හිංසාවෙහි +ති) නසයි, මරයි, තළයි. (පි. 96)