සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 126
අභිහනන
න. නැසීම, මැරීම, තැළීම. (පි. 96)
අභිහරණ
න. පැහැර ගැනීම, ඉදිරියට ගෙන යාම. (පි. 96)
අභිහරති
ක්රි. (අභි+හර. √ භු. හරණෙ, පැහැර ගැනීමෙහි +ති) හැර ගනී, පැහැර ගනී. (පි. 96)
අභිහාර
පු. ඉදිරියට ගෙන ඊම, එවීම. පැමිණවීම. (පි. 96)
අභිහිංසති
ක්රි. (අභි+හිංස. √ භු. විහිංසායං, පෙළීමෙහි +ති) හිංසා කෙරෙයි, පීඩා කෙරෙයි. (පි. 96)
අභිහිංසන
න. හිංසා කිරීම, පීඩා කිරීම, අධික පීඩාව. (පි. 96)
අභිහිත
ති. කියනලද. (කර්ම කර්තෘ ආදි කාරකයන් සමාසාදීන් විසින්) කථිත. (පි. 97)
අභීච්ඡිත
ති. කැමති වනලද, පැතූ. (පි. 88)
අභීචෙත
පු. උත්තම චිත්තය. (පි. 88)
අභීත
ති. බිය රහිත, බය නැති, නිර්භය. (පි. 97)
අභීතසීහනාද
පු. නිර්භය උත්තමනාදය. (පි. 97)
අභීනිප්පිළන
න. පෙළීම, මිරිකීම, මැඩීම. (පි. 91)
අභීපුච්ඡන
න. විචාරීම, මනාව විචාරීම. (පි. 92)
අභීභවන
න. මැඩ පැවැත්වීම, යටත් කර ගැනීම. (පි. 92)
අභීරු
ඉ. සාතාවාරිය. (=හාතාවාරිය.) (පි. 97)
අභීරු(ක)
ති. බිය නැති, නිර්භය, නොබාන සුලු. (පි. 97)
අභුජිස්ස
ති. (අ=න+භිජීස්ස) නිදහස් නොවූ, දාසභාවයට පැමිණි. (පි. 97)
අභුත
ති. (අ=න+භුත) නොවු, සිදු නොවූ, හට නොගත්. (පි. 97)
අභුතක්ඛාන
න. අභූත ප්රකාශය, සිදු නොවූවක් ප්රකාශ කිරීම. (පි. 97)
අභුතවාදී
ති. අභූතය කියන සුලු, බොරුකාර. (පි. 97)
අභූතතබ්භාව
පු. කිසියම් වෙනසකට නොපැමිණි වස්තුවක් ඒ නොවූ ස්වභාවයට පැමිණීම. (පි. 97)
අභෙජ්ජ
ති. නො බිඳිය හැකි, නොකැඩිය හැකි. (පි. 97)
අභෙද
ති. වෙනස් නොවන, වෙනසක් නැති. (පි. 97)
අභෙදොපවාර
පු. ස්වභාවය නැතියහු කෙරෙහි ඒ ස්වභාවය නගාලීම උපචාර නමි. එම ස්වභාවය ආරෝපණය කරණු ලබන්නේ නොවෙනස්ව සැලකීම නිසයි. ඊට අභෙදොපචාරයයි කියනු ලැබේ. (පි. 97)