ඇපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දේව යක්ෂාදින්ගේ පිහිට බලාපොරොත්තුවෙන් වන බාරය.
2. (පාරිභා.) නා. විත්තිකරුවකු නඩු දිනයට නැවත පැමිණීම සහතික කරමින් රැඳවුම් භාරයෙන් නිදහස් කර යවනු පිණිස තැන්පත් කළ යුතු මුදල, ඔප්පු හෝ එවැනි දේ (= bail).
3. නා. ප්‍රතිඥාව; පිළිනය; පොරොන්දුව; කෙනකු වගකීමක් ඉටු කරන බව සහතික කිරීම් වශයෙන් ගෙවන මුදල හෝ බඳින දේපළ (=security).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bail
2. Acc. bond
3. n. gage
4. n. guarantee
5. n. pledge
6. n. recognizance
7. n. security
8. n. surety
9. n. warranty