සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 244
ඇඳිරිය
1. නා. අඳුරු බව; කළුවර; අන්ධකාරය.
2. නා. අඳුරු වැටීගෙන එන වේලාව; ගොම්මන් වේලාව.
3. නා. ඇසේ පෙනීම අඩු කරන ඇස් රෝගයක්; තිමිරය.
ඇඳුතු බාන
(කථා.) නා. හරක් දෙදෙනකු එකට අල්ලා බඳින ලණුව.
ඇඳුනුම්පත
නා. පුද්ගලයකු හැඳින ගැනීමට අවශ්ය තොරතුරුත් ඔහුගේ ඡායාරූපයත් ඇතුළත් කොට රජය හෝ ආයතනයක් මගින් නිකුත් කරන සහතිකය; ඇඳින ගැනීමේ සහතිකය; හැඳුනුම්පත.
ඇඳුම
නා. අඳින වස්ත්රය; ඇඟලන රෙදි පෙරෙදි කට්ටලය.
ඇප කැප වෙනවා
ක්රි. කිසියම් කාර්යයක් ඉටු කිරීමට වගකීමක් ලෙස බැඳී සිටිනවා; ඉතා වගකීමෙන් යුතුව යම් කාර්යයක් ඉටු කරනවා.
ඇප මුදල
නා. ඇපයක් වශයෙන් තැන්පත් කරන මුදල.
ඇපඔප්පුව
(පාරිභා.) නා. ණයක් ගැනීමේ දී හෝ වෙන යම්කිසි පොරොන්දුවකට බැඳීමේ නීත්යනුකූල ව දෙනු ලබන ලියවිල්ල; පොරොන්දු පත්රය; ඇපකරය (=security bond).
ඇපකරය
1. (පාරිභා.) නා. සිරභාරයේ සිටින අයකු ඇප පිට නිදහස් කිරීමේ දී ඔහු හා ඔහුගේ ඇපකාරයා විසින් දෙනු ලබන පොරොන්දු පත්රය (=bail bond).
2. නා. මුදලක් ගෙවීමට හෝ ගිවිසුමක් ඉටු කිරීමට හෝ වූ ලිඛිත බැඳීම; බැඳුම්කරය; පිළින පත (=bond).
ඇපකාරයා
නා. විශේෂයෙන් උසාවි කටයුතුවල දී චූදිතයන් සම්බන්ධ ව ද මුදල් ගණුදෙනුවල දී ණයකරුවන් සම්බන්ධ ව ද පොරොන්දුවක් ඉටු කිරීම පිළිබඳ නීත්යනුකූල වගකීම බාරගන්නා තැනැත්තා.
ඇපනූල
නා. ලෙඩ සුව වූ විට තොවිලයක් කර දෙවියන්ට හෝ යකුන්ට පූජා පවත්වන බවට පොරොන්දු වී ආතුරයාගේ ශරීරයේ බඳින ජප කරන ලද නූල.
ඇපනෝට්ටුව
නා. ලබාගත් භාණ්ඩ හෝ මුදල්වල වටිනාකම ආපසු දීමට වන පොරොන්දුව; ගැනුම්කරුවකු විසින් විකුණුම්කරුවකුට දෙනු ලබන ගිවිසුම් පත්රය.
ඇපය
1. නා. දේව යක්ෂාදින්ගේ පිහිට බලාපොරොත්තුවෙන් වන බාරය.
2. (පාරිභා.) නා. විත්තිකරුවකු නඩු දිනයට නැවත පැමිණීම සහතික කරමින් රැඳවුම් භාරයෙන් නිදහස් කර යවනු පිණිස තැන්පත් කළ යුතු මුදල, ඔප්පු හෝ එවැනි දේ (= bail).
3. නා. ප්රතිඥාව; පිළිනය; පොරොන්දුව; කෙනකු වගකීමක් ඉටු කරන බව සහතික කිරීම් වශයෙන් ගෙවන මුදල හෝ බඳින දේපළ (=security).
ඇප්ලික්වැඩ
නා.ප්ර. විසිතුරු රෙද්දකින් මෝස්තර කපා වෙන රෙද්දකට හෝ ඇඳුමකට ආරෝපණය කරන අලංකාර මැහුම් වැඩ; ආරෝපණ වැඩ.
ඇපැල් උසාවිය
නා. පහළ අධිකරණයක් මගින් දී ඇති නඩු තීන්දුවකට විරුද්ධ ව අභියාචනය කළ විට ඒ නඩුව විභාග වන උසාවිය; අභියාචන අධිකරණය.
ඇපෑල
නා. යම් අධිකරණයකින් දෙන ලද තීන්දුව ගැන නොසතුටට පත් පාර්ශ්වයක් ඒ තීන්දුවට විරුද්ධ ව ඉදිරිපත් කරන අභියාචනය.
ඇපෙන්ඩිසයිටිස්
(පාරිභා.) නා.ප්ර. අනුබද්ධයෙහි හට ගන්නා ප්රදාහය; අනුබද්ධ දාහය (=appendicitis).
ඇබකසය
නා. සංඛ්යාවන් එකතු කිරීම හා අඩු කිරීම පහසුවෙන් කළ හැකි වන පරිදි සකස් කරගත් අතීතයේ දි භාවිත වූ පුවරු විශේෂයක්; ගණක චතුරස්රය; බෝල රාමුව.
ඇබය
නා. මූඩිය; පොරොප්පය; කීලය; පේනුව; යතු තල, උදලු තල ආදිය තද වීමට ගසන කූඤ්ඤය.
ඇබ්බැහිය
නා. පුරුද්ද; සිරිත; භාවිතය.
ඇබැද්දිය
නා. කරදරය; අභාග්යය; විපත.
ඇබෑර්තුව
නා. තනතුරක හෝ රක්ෂාවක හෝ ඇති වන හිස් වීම; පුරප්පාඩුව.
ඇබෑසි විදුහල
නා. යම් වෘත්තියක් සඳහා පුහුණු කරන අධ්යාපන ආයතනය.
ඇබෑසිය
නා. අභ්යාසය; පුහුණුව.
ඇබිත්ත
නා. ඉතා කුඩා ප්රමාණය; ස්වල්පය; අල්ප මාත්රය.