උඳුවප්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිංහල මාස ක්‍රමයට අනු ව ඉල් මාසයට පසු ව එන මාසය; මුවසිරස නැකතට සඳුගේ පැමිණීමෙන් පුරපසළොස්වක් තිථිය යෙදෙන මාසය; නොවැම්බර් මැදභාගයේ සිට දෙසැම්බර් මැදභාගය දක්වා කාලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිංහල මාස ක්‍රමයට අනුව වර්ෂයේ එක් මාසයක් හඳුන්වන නාමය; නොවැම්බර් මැද සිට දෙසැම්බර් මැද අතර කාලය