සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 320

උනොරු

නා.ප්‍ර. හිරුගේ රියදුරා; අරුණ.

උඳැට

[උඳු + ඇට]
නා. උඳු ඇටය.

උඳු

1. නා.ප්‍ර. ආහාරයට ගන්නා ධාන්‍ය විශේෂයක්; මාෂ ප්‍රභේදයක්.
2. නා.ප්‍ර. උඳුවප් මාසය.

උඳු පියල්ල

නා. උඳු ඇටයකින් පළුව; උඳු පළුව.

උඳු පූ

නා. උඳු පිටියෙන් සාදන ලද කැවුම්.

උඳු හැකිරි

නා.ප්‍ර. උඳු වැනි කුඩා ගල්කැට ඇති බිම.

උඳුගොව්වා

නා. හිසකේ මුල් කන ක්ෂුද්‍රප්‍රාණියෙකුගේ නාමය.

උඳුවප්

නා.ප්‍ර. සිංහල මාස ක්‍රමයට අනු ව ඉල් මාසයට පසු ව එන මාසය; මුවසිරස නැකතට සඳුගේ පැමිණීමෙන් පුරපසළොස්වක් තිථිය යෙදෙන මාසය; නොවැම්බර් මැදභාගයේ සිට දෙසැම්බර් මැදභාගය දක්වා කාලය.

උඳුවැල්

නා.ප්‍ර. උඳුපිටි මිශ්‍රණයක් හිල් සහිත උපකරණයකින් වත් කොට තෙලෙන් බැද පැණිවල බහා සාදාගනු ලබන කැවිලි වර්ගයක්; පැණි වළලු.

උප

උ. අප්‍රධාන, ද්විතීය, කනිෂ්ඨ, සමීප, ආසන්න, කිට්ටු යනාදි අර්ථවල යෙදෙන උපසර්ගයක්; අර්ථෝද්දීපනය සඳහා බොහෝ, බලවත් යනාදි අර්ථවල ද යෙදේ.

උප අවපාතය

(පාරිභා.) නා. අවපාතයක් හෙවත් අඩු වායුපීඩනයක් ඇති ප්‍රදේශයක් ආශ්‍රිත ව පවතින තවත් අඩු වායුපීඩනයක් ඇති කුඩා ප්‍රදේශය (=secondary depression).

උප මණිය

(පාරිභා.) නා. පුෂ්පයක මණියට යටින් ඒ ළඟම තිබෙන නිපත්‍ර සමූහය; මණිපත්‍ර හා මාරුවෙන් මාරුවට පිහිටි කුඩා මණිපත්‍ර වැනි අවයව පෙළක් (=epicalyx).

උප යා පොට

නා. වැවට ආසන්නයේ ම තිබූ ප්‍රධාන කුඹුරු යාය; උපයා පොත.

උප යානය

නා. අභ්‍යවකාශ තරණයේ දී උපයෝගි කරගන්නා ප්‍රධාන යානයට අතිරේක වූ යානය.

උප රචිත

වි. කළ; තැනූ.

උප රඤ්ජනය

නා. පාට කිරීම; (රක්ත) වර්ණ කිරීම.

උප ස්නේහය

නා. සිනිඳු හෙවත් මෘදු කරවන ද්‍රව්‍යය.

උප ස්මරණය

නා. සිතෙහි අප්‍රකට ව පවත්නා මතක සටහන්; යටි සිත.

උපකච්ඡකය

නා. කිසිල්ල.

උපකරණය

නා. කිසියම් ක්‍රියාවකට උපකාර වන දෙය; ආම්පන්නය; පරිභෝග භාණ්ඩය; මෙවලම; ශිල්පීය ආයුධය.

උපකල්පනය

1. නා. (විශේෂයෙන් ඖෂධ හෝ ආහාර වර්ග) පිළියෙල කිරීම.
2. නා. පරීක්ෂාවට ලක් කරනු වස් හරි යැයි තාවකාලික ව පිළිගනු ලබන මතය; උපකල්පිතය; අභ්‍යුපගමය.

උපක්ලිෂ්ට

වි. කිලිටි වූ; කෙලෙසුණු.

උපක්ලේශ

නා.ප්‍ර. සිත කිලිටි කරන ධර්ම.

උපක්ෂාර

(පාරිභා.) නා.ප්‍ර. ශාකවල දක්නා නයිට්රජනීය භාස්මික කාබනික සංයෝග; ඇල්කලොයිඩ් (=alkaloids).