සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 321

උපක්ෂිප්ත

වි. කියූ; දැක් වූ; උපන්‍යස්ත.

උපක්ෂේපය

1. නා. සඳහන් කිරීම; දැක්වීම.
2. නා. ඉඟි කිරීම; යෝජනාව.

උපක්‍රමය

1. නා. උපාය; උපායමාර්ගය; යම්කිසි අරමුණක් ඉටු කරගනු පිණිස යොදා ගන්නා ක්‍රියාපටිපාටිය; සැලැස්ම.
2. නා. උපද්‍රවය; හිංසාව; අනතුර.
3. (පාරිභා.) නා. යම්කිසි කාර්යයක් කරගනු පිණිස සාදාගන්නා උපකරණය; සූත්තරය (=device, contrivance).

උපක්‍රෝශය

නා. බැණීම; නින්දා කිරීම.

උපකාරය

නා. පිහිට; උදව්ව; ආධාරය; සහාය; අනුග්‍රහය.

උපකාරී

වි. පිහිට වන; උදව් කරන; සහායක; උපස්තම්භක.
1. නා.ප්‍ර. උපකාර කරන්නා; උදව් කරන්නා.
2. නා.ප්‍ර. උපකාරක බැම්ම; කයිරුව.

උපකුලපති

නා.ප්‍ර. විශ්වවිද්‍යාලයක කුලපතිවරයාගේ නියෝජිතයා; සරසවියක සම්පූර්ණ පාලන භාරකාරත්වය පිළිබඳ බලධරයා.

උපකූජනය.

නා. (පක්ෂීන්ගේ) හැඬීම

උපකෘත

වි. උපකාර කළ; උදව් වූ; (රජයෙන්) ආධාර ලබන.

උපකෘෂ්ට

වි. ආසන්න වූ; නුදුරෙහි වූ.

උපග

වි. ළඟට පැමිණි; සමීපයට එළඹි; ඇසුරු කොට පැවති.

උපගණ්හන

වි. ළං කර ගන්නා; සමීපයට ගන්නා.

උපගත

වි. එළඹි; පැමිණුණු.

උපගමනය

නා. ළඟට යෑම; එළඹීම; පැමිණීම.

උපග්‍රන්ථය

නා. ග්‍රන්ථයකට අතිරේක ව එකතූ කරන කොටස; පරිශිෂ්ටය.

උපග්‍රහණය

(පාරිභා.) නා. පිළිගනු ලැබූ මූල සත්‍යය; අභ්‍යුපගමය (=postulate).

උපග්‍රහයා

නා. ප්‍රධාන ග්‍රහයෙකු වටා පරිභ්‍රමණය වන පරිවාර ග්‍රහයා; අප්‍රධාන ග්‍රහයා.

උපගානය

නා. (වාදනයට) අනු ව පවත්වන ගායනය.

උපගුරු

නා.ප්‍ර. සහකාර ගුරුවරයා; සහායක ආචාර්යවරයා.

උපගූඪ

වි. සැඟවුණු; මුවහ වූ.

උපගූහනය

නා. ආලිංගන ප්‍රදේශය; තුරුල්ල.

උපගූළ්හ

වි. සැඟවුණු; මුවහ වූ.

උපඝාතක

වි. ඝාතනය කරන; විනාශ කරන; වනසන.

උපඝාතක කර්මය

නා. (අභි.) පවත්නා දුර්වල කර්මයක විපාක ශක්තිය මැඩ හෙවත් උපච්ඡේද කොට විපාක දෙන බලවත් කර්මය; උපච්ඡේදක කර්මය.