සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 319
උන්මජ්ජනය
නා. උඩට නැඟීම හෝ මතුවීම.
උන්මත්ත
වි. සිහි විකල් වූ; පිස්සු වැටුණු; මත් වූ.
1. නා.ප්‍ර. සිහි විකල්බව; පිස්සුව.
2. නා.ප්‍ර. අත්තන ගස.
උන්මත්තකයා
නා. සිහි විකල් වූ තැනැත්තා; මත් වූ තැනැත්තා; පිස්සා.
උන්මත්තකාගාරය
[උන්මත්තක + ආගාරය]
නා. උමතු අය (ප්‍රතිකාර ගැනීමට) නතර වී සිටින නිවාසය; පිස්සන් කොටුව.
උන්මථනය
නා. ශරීරය තුළ සැඟවුණු ශල්‍යය, ශලාකාදියෙන් ඇලළීම හෙවත් කැලඹවීම.
උන්මාදනය
නා. උමතු කරවීම.
උන්මාදය
නා. සිහි විකල් බව; පියවි සිහිය නැතිබව; උමතුබව; පිස්සුව.
උන්මානය
නා. මිනුම් ප්‍රමාණයක්; ද්‍රෝණය.
උන්මාර්ග ගමන
(පාරිභා.) නා. වැරදි මඟ යෑම; අපචලනය (=deviation).
උන්මාර්ගගත
වි. වැරදි මාර්ගයට හෙවත් නොමඟට ගිය.
උන්මාර්ගගාමි
වි. වැරදි මඟ හෙවත් නොමඟ යන.
උන්මාර්ගය
නා. නියම මාර්ගයෙන් වෙනස් වූ මඟ; වැරදි මඟ; නොමඟ.
උන්මීලනය
නා. (ඇස්) ඇරීම; විවෘත වීම.
උන්මීලිත
1. වි. (ඇස්) අරින ලද හෙවත් විවර කළ; (ඇස්) ඇරුණු හෙවත් විවෘත වූ.
2. වි. පෙනෙන්නට සැලැස්වූ; ප්‍රාදූර්භූත කළ.
උන්මුඛ
1. වි. උඩුකුරු කළ මුඛය ඇති; උඩට නඟාගත් මුඛ ඇති.
2. වි. ඉදිරියෙහි හෙවත් අභිමුඛයෙහි වූ.
3. වි. බලාපොරොත්තු වන; අපේක්ෂාවෙන් සිටින; සූදානම් වූ.
උන්මූලනය
නා. මුලින් උපුටා දැමීම; මූලොත්පාටනය; සම්පූර්ණයෙන් විනාශ කිරීම.
උන්මේෂ කාලය
නා. ඇස විවර කිරීමට ගන්නා කාලය; ස්වල්ප කාලය.
උන්මේෂණය
නා. ඇස විවර කිරීම; උන්මීලනය.
උන්සිල්ලාව
නා. ඔංචිල්ලාව.
උන්හිටි තැන
නා. යමෙක් වාසය කළා වූ හා සිටියා වූ ස්ථානය; වාසය; ගේ දොර.
උනා දමනවා
ක්‍රි. ලිහා දමනවා; ගලවා දමනවා.
උනු
1. වි. අඩු; නොපිරුණු; සම්පූර්ණ නොවූ; සංඛ්‍යාවෙන් ප්‍රමාණයෙන් හෝ තරමින්(යමකට වඩා) අඩු; ගණනින් එකක් අඩු.
2. වි. පහත්; බාල.
3. වි. රෝම; ලෝම.
උනුලොම්
නා.ප්‍ර. බුදුරදුන්ගේ නළලෙහි දෙබැම මැද පිහිටි දකුණට කරකැවුණු දිග රෝමය; ඌර්ණරෝම ධාතුව; දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් එකක්.
උනුවිසි
නා.ප්‍ර. (විස්සකට එකක් අඩු) දහනවය.