සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 318
උදුරනවා
1. ක්‍රි. උගුල්ලනවා; උපුටනවා; ගලවනවා.
2. ක්‍රි. (අන් සතු දෙය) බලෙන් ගන්නවා; පැහැර ගන්නවා.
උදුරා කනවා
(කථා.) ක්‍රි. නියපොතුවලින් සූරනවා; පහුරු ගානවා.
උදුල
වි. බබළන; දීප්තිමත්; උජ්ජවලිත; අලංකාර.
1. නා. යහපත; යහපත් දෙය.
2. නා. ආලය; රාගය.
3. නා. බැබළීම; දීප්තිය.
උදුලබැව්
නා.ප්‍ර. ශෘංගාරය; රාගය.
උදුහු
වි. උඩට නැඟුණු; උද්ධුත වූ; ඉගිළුණු.
උදූඛල
1. නා.ප්‍ර. වංගෙඩිය.
2. නා.ප්‍ර. ශරිරයෙහි ඇති සන්ධි වර්ග අටෙන් එකක්; ගෝල කුහර හෙවත් ගෝල කෙවෙනි සන්ධිය.
උදෙක්
ක්‍රි.වි. තනි ව; ඒකාන්තයෙන්; සම්පූර්ණයෙන්; මුළුමනින්; ඕනෑකමින්.
උදෙසනවා
1. ක්‍රි. පෙන්නා දෙනවා; නියම කරනවා; වෙන්කර දෙනවා.
2. ක්‍රි. අදහනවා; මෙනෙහි කරනවා; සිහි කරනවා.
3. ක්‍රි. කියනවා; දේශනා කරනවා; මුල සිට පිළිවෙළින් කියවනවා.
උදෙසන්නා
නා. (කට පාඩමින්) කියන්නා; දෙසන්නා.
උදෙස්
1. නා.ප්‍ර. කීම; පාඩම් දීම; හැදෑරීම; ඉගෙනීම. ·
2. නා.ප්‍ර. මාතෘකාව.
3. නා.ප්‍ර. පෙළ; පාලි ධර්මය.
උදේ
(කථා.) නා. උදය කාලය; අලුයම් කාලය; පාන්දර.
උනනවා
1. ක්‍රි. ලිහනවා; මුදනවා.
2. ක්‍රි. ස්වාභාවික සේ දිය ඇදී එනවා; දිය මතුවෙනවා; වෑහෙනවා.
උනඹරයා
නා. නග්න ව සිටින තවුසා; නිර්වස්ත්‍ර තැනැත්තා.
උන් වනම
ක්‍රි.වි. සිටියා වූ ආකාරයට ම; උන් හැටියට ම; උන්නු ගමන් ම; සිටිවන ම.
උන්දුරයා
නා. මීයා; මූෂිකයා.
උන්නත
1. වි. උස්; උඩට ඉස්සුණු.
2. වි. උඩඟු; උද්දාම.
උන්නතාංශය
1. නා. මුහුදු මට්ටමෙන් උස; මුහුදු මට්ටමේ සිට උස ප්‍රමාණය.
2. නා. නක්ෂත්ර ක්ෂිතිජය පිහිටි තලයේ සිට ඉහළට මනිනු ලබන කෝණික දුර.
උන්නතාවනත
වි. උස් පහත්ව පිහිටි; නඟින බසින; විෂම.
උන්නතිය
1. නා. නැඟීම; උස; උස්බව.
2. නා. අහංකාරය; ආඩම්බරය.
3. නා. වැඩිවීම; දියුණුව; අභිවර්ධනය; අභිවෘද්ධිය; ශුභසිද්ධිය.
උන්නතෝදර ආදර්ශය
(පාරිභා.) නා. උත්තල මුහුණක් ඇති දර්පණය හෙවත් කැඩපත.
උන්නමනය
1. නා. උඩු අතට නැමීම; උඩට නැඟීම.
2. (පාරිභා.) නා. කාමාශා වැනි මූලික චිත්තවේගය සඳහා යොදන මානසික බලය ශ්‍රේෂ්ඨ දේ කිරීම සඳහා යෙදවීම; ශ්‍රේෂ්ඨ කිරීම.
උන්නයනය
1. නා. උඩට නැංවීම.
2. නා. තර්කය; කල්පනාව.
උන්නාදය
නා. ප්‍රීතියෙන් හෝ පුදුමයෙන් හෝ කරන උස් හඬ; ප්‍රීතිඝෝෂාව.
උන්නිද්රතාව
නා. නිදි නැති බව; නින්ද නොයෑම.