සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 317
උදාරෝන්නත
උදාලනවා
ක්‍රි. සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ හෝ අන් ග්‍රහයකුගේ හෝ නැඟීම; උද්ගමනය.
උදාව
1. නා. පාන්දර; උදෑසන.
2. නා. පහළ වීම; හටගැනීම; උත්පත්තිය.
3. නා. අභිවෘද්ධිය; ඓශ්වර්යය.
උදාසීන
1. වි. නොසැලකිලිමත්; ක්‍රියා විරහිත; කුසීත; අලස; මන්දෝත්සාහී.
2. (පාරිභා.) වි. ආම්ලීය ද හා ක්ෂාරීය ද නොවන; විශේෂ වර්ණයක් නැති.
3. වි. ධන හෝ ඍණ විදුලියක් නැති.
4. වි. ස්ත්‍රී ලිංගික හෝ පුරුෂ ලිංගික නොවූ; අලිංගික.
නා.ප්‍ර. කුසීත බව; අලසකම.
උදාසීන අක්ෂය
(පාරිභා.) නා. නැමීමට භාජන කළ දණ්ඩක මැද ශුන්‍ය ප්‍රත්‍යාබලයක් ඇති රේඛාව (=neutral axis).
උදාසීන කරනවා
1. ක්‍රි. අධෛර්ය කරනවා; උනන්දු නැති කරනවා; මධ්‍යස්ථ භාවයට පත් කරනවා.
2. (පාරිභා.) ක්‍රි. අම්ලයක අම්ල ගතිය නොසිටින තුරු ක්ෂාරයක් එකතු කරනවා; ක්ෂාරයක ක්ෂාර ගතිය නොසිටින තුරු අම්ලයක් එකතු කරනවා (=to neutralise).
උදාහරණය
1. නා. කාරණයක් ස්ඵුට කිරීමට දක්වනු ලබන නිදර්ශනය.
2. (න්‍යාය.) නා. න්‍යාය වාක්‍යයක දෘෂ්ටාන්ත වචනය.
උදාහෘත
වි. උදාහරණ වශයෙන් ගෙනහැර දැක්වූ.
උදැල්ල
නා. කුඹුර කෙටීම, පොළොව කැනීම ආදි වැඩට ගන්නා පළල් පැතලි තලයක් හා දිග මිටක් සහිත ගොවි උපකරණය.
උදෑසන
නා. අලුයම; පාන්දර.
උදිත
1. වි. උදා වූ; පහළ වූ.
2. වි. හටගත්; ඇති වූ.
3. වි. උතුම්; උසස්.
4. වි. සමෘද්ධ; වැඩුණු.
5. වි. කියූ.
උදිතෝදිත
[උදිත + උදිත]
1. වි. ඉතා උසස්; අතිඋදාර.
2. වි. අතිශයින් වැඩුණු; සමෘද්ධ.
උදියා
1. නා. යහපත් තැනැත්තා; සත් පුරුෂයා.
2. නා. සේවකයා; මෙහෙකරුවා.
උදීරණය
1. නා. පිට කිරීම; බැහැර කිරීම.
2. නා. කීම; පැවසීම.
උදීර්ණ
වි. අධික; කැලඹුණු.
උදු
1. වි. ඇද නැති; කෙළින්; ඍජු.
2. වි. අමිශ්‍ර; ශුද්ධ; කේවල.
උදු ගුණය
නා. අවංකබව; ඍජු ගුණය.
උදුක්ඛල
නා.ප්‍ර. වංගෙඩිය; උලූඛලය.
උදුන
1. නා. තෙල්, ගෑස් හෝ විදුලි බලයෙන් ක්‍රියා කරවන ලිප.
2. නා. ලෝහ උණු කරන භාජනය; කෝව; (කෝව තබන) අඟුරු කබල.
3. නා. පෝරණුව; ගිනි උදුන; ඌෂ්මකය.
උදුන් කැටය
නා. ලිපක් සෑදීමට ගන්නා ගල් හෝ ගඩොල් කැටය; ලිග්ගල.
උදුන් කොක්ක
නා. හැළිවලන් එල්ලීම සඳහා ලිපට උඩින් බිත්තියෙහි සවි කොට ඇති කොක්ක.
උදුම්බර
1. නා.ප්‍ර. මල් නැති ව කඳ මැද ගෙඩි හටගන්නා ගස් වර්ගයක්; අට්ටික්කා; දිඹුල්.
2. (පාරිභා.) නා.ප්‍ර. විශාල වූ පුෂ්ප මංජරියේ ග්‍රාහයෙන් ප්‍රධාන වශයෙන් සෑදුණු නුග, ඇසටු ආදි ගෙඩියක් (=syconium).
උදුම්බා ගන්නවා
1. (කථා.) ක්‍රි. අහස අන්ධකාර වෙනවා; අහස වලාකුළුවලින් වැසී යනවා.
2. ක්‍රි. කෝපයෙන් නිශ්ශබ්ද ව සිටිනවා.
උදුම්මා ගන්නවා
(කථා.) ක්‍රි. උඩඟු වෙනවා; පමණට වඩා තමාගේ බලපුළුවන්කම් ගැන සිතනවා.