උපාදානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගැනීම; දැඩිව ගැනීම; (අරමුණ) දැඩි කොට ගැනීම.
2. නා. යමක් පැවැත්මට උපකාර වන දෙය; ආසන්න කාරණය; හේතුව.
3. නා. පදාර්ථය; ධාතුව.
4. (උද්භි.) නා. සූර්ය රශ්මි හේතු කොට ගෙන, අම්ලකර පිට කර අඞ්ගාරය ශාක තුළ නවත්වා ගැනීමේ ක්රියාව; කාබන් සමීකරණය (=carbon assimilation).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තදින් අල්ලා ගැනීම/ යමක පැවැත්මට උපකාර වන දෙය (පා. සං. උපාදාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. clinging