කට්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇතැම් ශාකවල කඳ කොළ ආදියෙහි ද, ඇතැම් සත්ත්වයන්ගේ ගතෙහිද හටගන්නා තියුණු උල් සහිත උපාංගය.
2. නා. විදීමට සහ ඇමිණීමට ගැනෙන තියුණු උල.
3.නා. සත්ත්ව ශරීරයෙහි ඇති ඇටය.
4. නා. අබලන් වූ වාහනය; කබල.
5. නා. ඔරලෝසු, තරාදි ආදියෙහි වේලාව, බර ආදිය දක්වන ඉද්ද.
6. නා. ගොළුබෙලි, ඉදිබු ආදි සතුන්ගේ පිට වැස්ම; කබොල්ල.
7. නා. තල්, පොල් ආදි ගෙඩිවල මදයට පිටින් කොස් වැනි ඇතැම් ගෙඩි වර්ගවල කටු සහිත ව සම්පූර්ණයෙන් ම පිටින් ද පිහිටි තද ආවරණය.
8. නා. තුවාලයක මතුපිට සැදෙන කබොල්ල.

1. වි. වියළි; කර්කශ.
2.(කථා.) වි. දැඩි; තද; ඝන.
3. වි. කපටි; ප්‍රයෝගකාරී.
1. නා.ප්‍ර. කටුව.
2. නා.ප්‍ර. කෑල්ල; කැබැල්ල.
3. නා.ප්‍ර. ලී ආදියෙහි කොටසක් කපා හැර සාදාගන්නා හිඩැස.
4. නා.ප්‍ර. මැණික් පතල්වල ඇති බාල වර්ගයේ ගල් විශේෂයක්.
5. නා.ප්‍ර. එකට බැඳ තිබෙන මිටිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. cunning
2. a. hard-boiled
3. n. pike
4. n. shell
5. n. thorn