සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 391
කටවාචාලයා
(කථා.) නා. කටට එන වචන අවිචාරයෙන් කියන තැනැත්තා; පලක් නැති වචන කථා කරන්නා; කටහැකරයා.
කටවාරිය
(කථා.) නා. ඔරුවක කට ඇදවීම වැළැක්වීම සඳහා ඔරු කට හරහා සවි කොට ඇති ලී කැබැල්ල.
කටවැරැද්ද
නා. කටින් (වචනයෙන්) වන වැරැද්ද; අනවධානයෙන් නුසුදුසු වචන පාවිච්චියෙන් ඇති වන වරද.
කටවැල
(කථා.) නා. පන් කොළ හෝ වේවැල් වට්ටි පෙට්ටිවල කටේ හැඩය ආරක්ෂා වීමටත් ශක්තියටත් ගැටිය වටා අල්ලන වැල.
කටවැස්ම
(කථා.) නා. භාජනයක කට වසා බඳින රෙදිකඩ හෝ එවැනි වෙනත් යමක්.
කටවෑදි
(කථා.) නා.ප්‍ර. නිෂ්ඵල කතා; ඕපදූප.
කටශර්කරා
නා.ප්‍ර. මැටි බඳුන් කැබලි; කැට කැබිලිති.
කටසන
නා. කටහඬ ඇසෙන දුර ප්‍රමාණය; හූ හඬ ඇසෙන තරමේ දුර.
කටසාර
නා.ප්‍ර. කළාලය; පැදුර.
කටසූත්රය
නා. හිටි බුදු පිළිම සෑදීමේ දී යොදනු ලබන එක් ලඹ නූලක්.
කටහඬ
නා.ප්‍ර. (ශබ්ද උච්චාරණයේදී) කටින් පිට වෙන ශබ්දය; කථා කරන ශබ්දය; ස්වරය.
කටහන් කරනවා
(කථා.) ක්‍රි. කටින් සංඥා කරනවා; මරණාසන්න කෙනෙකු ප්‍රාණය නිරුද්ධ වීමට පෙර කථා කථා කිරීමට උත්සාහ කරමින් කට සොලවනවා.
කටහම්
නා.ප්‍ර. කැටයම්.
කටහාරනවා
(කථා.) ක්‍රි. කටුක හෝ සැර රසක් කටට දැනෙනවා.
කටහැකර
වි. පමණට වඩා කථා කරන; කටවාචාල.
කටහැක්ක
නා. කිරීමට ඇති දෙය; කළ හැකි දෙය.
කට්ට
1. වි. වියළි; කර්කශ.
2.(කථා.) වි. දැඩි; තද; ඝන.
3. වි. කපටි; ප්රයෝගකාරී.
1. නා.ප්‍ර. කටුව.
2. නා.ප්‍ර. කෑල්ල; කැබැල්ල.
3. නා.ප්‍ර. ලී ආදියෙහි කොටසක් කපා හැර සාදාගන්නා හිඩැස.
4. නා.ප්‍ර. මැණික් පතල්වල ඇති බාල වර්ගයේ ගල් විශේෂයක්.
5. නා.ප්‍ර. එකට බැඳ තිබෙන මිටිය.
කට්ට කඩුව
1. නා. කුඹුරු යායක වැවට ඈතින් ම පිහිටි කොටස; එහි තුන්වන කුඹුරු කට්ටිය.
2. (කථා.) නා. කැලෑවෙන් වැසී තිබෙන වගුරු බිම්.
කට්ට කණු
1. නා. සැතපුම් කණු; මායිම් කණු හෝ දුර සීමා කණු.
2. නා. තොරණක දෙකෙළවර සවි කරනු ලබන මිටි කණු.
කට්ට කඳ
නා. ලී, ලෑලි ඉරීමේ දී ඒවා හිරකර ගැනීම සඳහා වඩුවන් පාවිච්චි කරන කට්ටයක් සහිත ලී කොටය.
කට්ට ගල්
(කථා.) නා.බහු. අත්තිවාරම ආදිය සඳහා ගැනෙන ලොකු කළුගල් කැබලි.
කට්ට පොල්ල
(කථා.) නා. කරත්තය පල්ලමක යන විට වේගය අඩු කර ගැනීම පිණිස රෝද හිර කරන හරස් පොල්ල; පල්ලම් පොල්ල; තිරිංගය.
කට්ටකුමංචල්
නා.ප්‍ර. සුවඳ දුම් සඳහා කුඩු කොට ගිනි අඟුරට දමන දුම්මල වැනි ද්‍රව්‍යයක්; සාම්බ්‍රානි.
කට්ටඩියා
(කථා.) නා. තොවිල් කරන්නා; යකැදුරා; යක්දෙස්සා.
කට්ටමරම්
නා.ප්‍ර. ලී කඳන් කිහිපයක් එකට බැඳ සාදාගන්නා සරල ජල යාත්‍රා විශේෂයක්.