කණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ටැඹ; ස්තම්භය; කුලුන.
2. නා. ගසක් කැපූ කල ඉතිරි වන මුල් කොටස.
3. නා. (ඊතලයක ඇති) නැමුණු උල.
4. (පාරිභා.) නා. අණුව; අංශුව (=corpuscle).
5. නා. පත්‍රංකුරය; දල්ල; පැළය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ටැඹ; කුලුන (පා. ඛාණුක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. column
2. Civ. pier
3. n. pillar
4. n. pole
5. n. post
6. n. stump