කද
kada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එක් කොනක හෝ දෙකොන්හි හෝ බර එල්ලා කර තබාගෙන යන ලීය.
2. නා. එසේ ගෙන යන බර; කත්බර.
3. නා. කරේ හෝ අතේ හෝ එල්ලා ගෙන යන කුඩා බඩුපොදිය.
4. නා. රාජරාජ මහාමාත්යාදින් හෝ නෑ හිතවතුන් හෝ හමුවීමට යන විට ගෙන යන තුටු පඬුරු; තෑගිබෝග.
5. නා. මධ්යම යුගයේ ලංකාවේ පැවති බද්දක්.
6. නා. වලාකුළ.
7. නා. ගර්භය.
8. නා. මඩ; කෙලෙස්.
1. වි. කොර; වක් වූ.
2. වි. ජලයෙන් තෙත් වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ආමන්ත්රණයෙහි, හැඬීමෙහි, කන්දති, ආමන්ත්රණය කරයි, හඬයි. (පි. 240)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pingo