කරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කිරීම; සිදු කිරීම.
2. (ව්‍යාක.) නා. යම් කාර්යයක් ඉටු කිරීමට කර්තෘට උපකාර වන ශරීරාංග නොහොත් උපකරණ.
3. නා. හේතුව; ආසන්න හේතුව.
4. නා. නැටීමෙහි හා වාදනයෙහි ආකාර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කිරීම; සිදු කිරීම/ කරණ විභක්ති අර්ථය; කරණ විභක්තිය/ හේතුව (පා. සං. කරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. doing
2. n. making
3. n. medium
4. Psy. performance