සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 418

කරක

1. නා.ප්‍ර. (තවුසන්) දිය ගෙන යන බඳුන; ඩබරාව; පැන් බොන බඳුන.
2. නා.ප්‍ර. හිම කැට වර්ෂාව.
3. නා.ප්‍ර. බද්ද.
4. නා.ප්‍ර. නොගැඹුරු ජලාශවල මසුන් හිර කිරීම යොදාගන්නා සදහා කේත්වාකාර කුඩයක්; කරක්ගෙඩිය; කරප.
5. නා.ප්‍ර. පොල් කටුව.

කරකණ්ටකය

නා. නියපොත්ත; නිය.

කරකතුර

නා. දැළි පිහිය; කරය.

කරක් ගහනවා

1. ක්‍රි. කරපෙන් හෙවත් කරක් ගෙඩියෙන් මාළු අල්ලනවා.
2. ක්‍රි. අරමුණක් නොමැතිව ඇවිදිනවා.

කරකාර බඳිනවා

ක්‍රි. ආවාහ-විවාහ වෙනවා; කසාද බඳිනවා.

කරකැත්ත

නා. තියුණු මුවහත ඇති සැත; පිහිය; දැළි පිහිය.

කරකැවිල්ල

නා. අවට භ්‍රමණය වන්නා සේ දැනීම; භ්‍රමණය

කරකියා ගන්නවා

ක්‍රි. කිසිවක් කරනවා හෝ කියනවා; කරගන්නවා.

කරකුට්ටම් වෙනවා

(කථා.) ක්‍රි. (යමක් හැකිළෙන තෙක්) වේළෙනවා; අතිශයින් වියළෙනවා.

කරකුර්වාස්ථිය

නා. මැණික් කටු ඇටය; හස්ත කුර්ව අස්ථිය (=carpal bone)

කරගල

1. නා. දැළි පිහි මුවාත් තැබීමට ගන්නා ගල; තෙල් ගල.
2. නා. පාෂාණ වර්ගයක නාමය.

කරගැටය

නා. කිසිවක නිරතුරු ගැටීම හේතු කොට ගෙන අත් පා ආදියේ සම මතුපිට මස තදවීමෙන් හටගන්නා ගැටය.

කරච්චලය

1. (කථා.) නා. ඝෝෂාව; කලබැගෑනිය.
2. නා. කරදරය; හිරිහැරය.

කරජ

1. නා.ප්‍ර. නියපොත්ත.
2. නා.ප්‍ර. මඟුල් කරඳ.
වි. ශුක්‍ර ශ්‍රෝණිත දෙකින් හටගත්, හෙවත් ශුක්‍රාණු ආර්තවාණු දෙකින් උපන්.

කරජ කාය

නා. කරජ වශයෙන් උපත ලත් ශරීරය; අතින් කවා පොවා වඩන ලද ශරීරය.

කරජල

නා.ප්‍ර. ලුණු වතුර; කර දිය; මුහුදු දිය.

කරටක

නා.ප්‍ර. බර එසවීමට උපකාර කරගන්නා යන්ත්‍රයක්; දොඹකරය; කප්පිය.

කරටකර

වි. එකට එක හොඳින් ගැළපෙන; සියලු ආකාරයෙන් සම වන.

කරටිය

1. නා. ගසක හෝ පැළයක කඳෙහි රිකිලි දමන ඉහළ කොටස; ගොබය; දල්ල.
2. නා. ශරීරයේ උර දෙකට ඉහළින් පිහිටි කොටස; බෙල්ල.

කරණ විභක්තිය

නා. (ව්‍යාක.) කර්තෘහුගේ ක්‍රියාවට ඉවහල් වන පදාර්ථය යෙදෙන විභක්තිය.

කරණම

1. නා. උඩපැන ගුවනෙහි දී හිස යටිකුරුවත් පා උඩුකුරුවත් සිටින සේ සම්පූර්ණ වටයක් කැරකෙන පරිදි ගහන පිනුම.
2. නා. පැත්ත හෝ පිළ මාරු කිරීම; පිල් මාරුව.

කරණය

1. නා. කිරීම; සිදු කිරීම.
2. (ව්‍යාක.) නා. යම් කාර්යයක් ඉටු කිරීමට කර්තෘට උපකාර වන ශරීරාංග නොහොත් උපකරණ.
3. නා. හේතුව; ආසන්න හේතුව.
4. නා. නැටීමෙහි හා වාදනයෙහි ආකාර.

කරණී සමීකරණය

(පාරිභා.) නා. නිශ්චිත වශයෙන් කිය නොහැකි සංඛ්‍යාවල සමීකරණය (=surd equation).

කරණීය

වි. කළ යුතු; කිරීමට සුදුසු; කර්තව්‍ය.