සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 419
කරඬුව
නා. පූජනීය වස්තු හෝ රන්රුවන් ආදි වටිනා දේ සුරැකීමට රන් රිදී, ලෝහ වර්ග, මැණික්, ඇත්දත්, ස්ඵටික, පාෂාණ ආදියෙන් තැනූ භාණ්ඩ විශේෂයක නාමය.
කරත්තය
නා. බඩු පටවාගෙන යෑම සහ ගමනාගමනයට උපකාරි වන ගවාදි සතුන් විසින් ඇදගෙන යනු ලබන රථ විශේෂයක නාමය.
කරදර කරනවා
ක්රි. සැනසිලි ගතියෙන් තොර කරනවා; හිරිහැර කරනවා; හිංසා පීඩා ගෙන දෙනවා.
කරදරය
නා. සැනසිලි ගතියෙන් තොර වීම; හිංසා පීඩාව; හිරිහැරය.
කරදාසිය
නා. පත්රිකාව හෝ ලිපිය.
කරදැල්ල
නා. තද සුළං පහර; සැඩ පහර; ප්රවාහය.
කරදිය
නා. ලවණ ජලය.
කරදිය වළල්ල
නා. දිවයිනක් වටා පිහිටි මුහුදු වෙරළ.
කරදියාන
(කථා.) නා. කරදිය ගලා එන කුඹුර.
කරනවා
1. ක්රි. ක්රියාවට නගනවා; කාර්ය සාධනයෙහි යෙදෙනවා; ක්රියාත්මක වීමට සලස්වනවා.
2. ක්රි. තනනවා; සාදනවා; නිමවනවා.
කරනැවෑමියා
නා. ඇම්බැට්ටයා; දැළි රැවුළු කපන්නා.
කරපටිය
1. නා. ටයිපටිය.
2. නා. ඇඳුමක කර වටේට අල්ලා මසනු ලබන රෙදි පටිය; කොලරය.
3. නා. ගව, සුනඛ ආදි සතුන්ගේ කරේ බඳින පටිය.
කරපත්රික
(පාරිභා.) වි. (කියතක් වැනි වූ යනු වාච්යාර්ථයි) කෙළවර දැති ආකාර ඇති (=serrate).
කරපන්ටයින්
නා.ප්ර. දේවදාර වර්ගයකට අයත් ගස් විශේෂයකින් ලබා ගන්නා ලාටුවලින් හෝ දුම්මලවලින් සාදා ගන්නා තෙල්.
කරපය මසනවා
ක්රි. අත් පා බඳිනවා; විලංගු දමනවා.
කරපල්ලවය
1. නා. දලුවක් වැනි අල්ල; අත්ල.
2. නා. ඇඟිල්ල.
කරපහ
නා. තවලම් ගොනකුගේ කර වටා දමන ලණුව හෝ තොණ්ඩුව.
කරප්පන්
නා. කැසීම හෝ ඇගේ පලු නැගීම ලක්ෂණ කොට ඇති චර්ම රෝගයක්.
කරපාකය
නා. කර වන තුරු පැසවීම; කර කොට බැදීම.
කරපින්නා ගන්නවා
1. නා. කර උඩ තබා ගන්නවා; කරින් උසුලනවා.
2. නා. දරුවකුට මෙන් ආදරය දක්වනවා; ගරුසැලකිලි දක්වනවා.
කරපියල්ල
නා. දැළි පිහියා කොපුව.
කරපුටය
නා. බොකුටු කළ අල්ල; බොකුටු කරන ලද අත් දෙක; අංජලිය; හස්තපුටය.
කරපුසය
නා. ශීතලට පාවිච්චි කරන කුඩා හිස් වැසුම් විශේෂයක්.
කරපෙණ
1. නා. අත්ල; අල්ල.
2. නා. ලුණු දිය පෙණ; මූදු පෙණ.