සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 420
කරපොවනවා
1. ක්රි. බෙල්ල දික්කර බලනවා; එබී බලනවා.
2. ක්රි. යම්තම් සලකා බලනවා; මඳක් සොයා බලනවා.
කරබඩු
නා.ප්ර. හිස රැවුළු බාන දැළි පිහිය ආදි උපකරණ.
කරබයා
1. නා. ඔටුවා.
2. නා. ඇත් පැටවා.
කරබාගෙන ඉන්නවා
1. ක්රි. බෙල්ල පහත් කරගෙන ඉන්නවා; හිස නමාගෙන ඉන්නවා.
2. ක්රි. නිශ්ශබ්දව සිටිනවා; කිසිවක් කරකියාගත නොහැකි ව ඉන්නවා.
කරබිඳිනවා
ක්රි. කර නමනවා; බෙල්ල පහළට හරවනවා.
කරබිම
කරබු
නා.ප්ර. කන; කර්ණය.
කරබොලු
නා.ප්ර. ගොනාගේ කරේ ආභරණයක් ලෙස බඳින කවඩි වැල.
කරභය
1. නා. මැණික් කටුවත් සුළැඟිලි මුලත් අතර ප්රදේශය.
2. නා. ඇත්සොඬ.
කරභාස්ථිය
(පාරිභා.) නා. අත්ලට ඇඟිලි සම්බන්ධ වන තැන පිහිටා ඇති ඇටය; අතුල් ඇටය.
කරභෝරු
නා.ප්ර. ඇත් සොඬක් වැනි රූමත් කලවා ඇත්තිය.
කරමන්ද
නා. ගවයින්ගේ කරේ ලන ලණුව.
කරමර
නා.ප්ර. බලහත්කාරයෙන් හෝ යුද්ධ කොට අල්වා ගත් අය; කොල්ලකෑමෙන් අල්ලා ගෙන යනු ලබන්නා.
කරමල
1. නා. ජලජ ජීවීන්ගේ ශ්වසන අවයවය.
2. නා. කුකුළාගේ හිස මුදුනෙහි පිහිටා ඇති රතුපාට මලක් වැනි අවයවය.
3. නා. ගලනාලයේ පිහිටි ග්රන්ථිය; ගලමූල ග්රන්ථිය.
කරමල් ආරුක්කුව
(පාරිභා.) නා. මාළුන්ගේ කරමල්වල ඇති පටු විවර ජෝඩුවකට ආධාරකයක් වශයෙන් ඇති කංකාල වළල්ල; ජලක්ලෝම වක්රය (=gill arch).
කරමාරුකාරයා
නා. කෙනෙකු වෙනුවට පෙනී සිටින්නා; නියෝජිතයා.
කරමාරුව
නා. හවුල්කරුවන් කිහිප දෙනෙකුට අයිති ඉඩමක් කලින් කල ඒ ඒ හවුල්කරුවන් මාරුවෙන් මාරුවට භුක්ති විඳීම; තට්ටුමාරුව; කන්න මාරුව.
කරමාවරය
නා. ඉනිවැටක ඉහළින් ම බඳිනු ලබන ලීය; ඉහළ මාවරය.
කරමැටි
නා.ප්ර. ලුණු මිශ්ර පස; නිසරු පස.
කරමුක්තය
නා. අතින් විසි කරනු ලබන ආයුධය; තෝමරය; හෙල්ල.
කරමූඩිය
නා. ඉඳි ආප්ප ආදිය තැම්බීමේ දී වණ්ඩු මුට්ටිය වැසීමට ගන්නා මූඩියක් වැනි වැස්ම; ඇතිළි ආදිය වැසීමට ගන්නා මැටියෙන් කළ පියන.
කරඹ
[කර + අඹ]
1. නා. ලුණු වතුර; මුහුදු දිය; කරදිය.
2. නා. ඔටුවා.
3. නා.කටු පඳුරු වශයෙන් වැවෙන වියළි කලාපික ශාකයක්.
කරය
1. නා. මුහුද අසල ගොඩබිම; මුහුදු වෙරළ.
2. නා. කඩයිම; මායිමකට හෝ ප්රදේශයකට අයිති පෙදෙස.
කරරස
නා. ලුණු රස; ලවණ රස.