සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 421
කරරැස
නා. ඉර; සූර්යයා.
කරරුහ
නා.ප්‍ර. නිය; නියපොතු.
කරල
1. නා. ගොයම්, කුරහන් ආදි ධාන්‍යවල ඇට තිබෙන කොටස.
2. නා. පතෝල, මිරිස් ආදියෙහි දිගැටි හැඩයෙන් යුත් ඵලය; රනිලය.
3. නා. දිගට සිටින සේ ගොතා ඇති කෙස් රොද; ගෙතූ කොණ්ඩය.
4. නා. (ඖෂධ ආදියෙහි) දිගැටි හැඩයෙන් යුත් කොපුව.
5. නා. අස්වැන්න; වාරය; කන්නය; මෝසම.
6. නා. ශරීරයේ යම් තැනක් නිතර යමක ගැටීම නිසා ඇති වන ගැටය; කරගැටය.
කරල පැහෙනවා
(කථා.) ක්‍රි. අතමිට සරු වෙනවා; බලාපොරොත්තු නොවූ වාසි ලැබෙනවා.
කරල් බෝය
(කථා.) නා. එක්වරකට කපා ඔසවා ගත් කරල් කැටිය; ගොයම් අහුර.
කරල් සාය
නා. ගොයම් පීදී කිරිවදින කාලය.
කරල්කඩ
නා.ප්‍ර. ගොයම් පාගන විට කරලේ ඉතිරි වන වී; කරල් කෑලි.
කරවාල
නා.ප්‍ර. කෙටි කඩු විශේෂයක්.
කරවැහැය
නා. දැළි පිහිය.
කරවි
නා.ප්‍ර. යුද ඇඳුම; සන්නාහය; කවචය.
කරවිය ගානවා
ක්‍රි. සුභ නැකතින් පළමුවෙන් ම හරකකුගේ කරේ වියගහ බඳිනවා.
කරවීක
1. නා.ප්‍ර. මහමෙර වටා ඇති සප්තකූට පර්වතවලින් එකක්.
2. නා.ප්‍ර. උස්, තියුණු මිහිරි නාද නංවන පක්ෂියා; කුරවී කොවුලා.
කරවීකභාණී
වි. කොවුල් හඬ වැනි මිහිරි කට හඬ ඇති.
කරවීර
1. නා.ප්‍ර. ඇසේ අඳුන් ගාන වළ වැනි තැන; අඳුන් වළ.
2. නා.ප්‍ර. කුඹුක් ගස.
කරවුවර
නා.ප්‍ර. රජයට ලැබෙන බදු ආදායම්; රජය අයකර ගන්නා බද්ද.
කරවුළු
නා. යුද්ධ කොට හෝ බලහත්කාරයෙන් අල්වා ගත් අය; අන් රටකින් පැහැර ගෙන ආ අය.
කරසූත්රය
නා. සරණ මංගල්‍යවල දී මනාල මනාලියන්ගේ දකුණත්වල මාපටැඟිලි හෝ සුළැඟිලි එක් කොට බඳින නූල.
කරහන
නා. කුඹුරුවලට වතුර ගෙන යන ඇළවලට වතුර නිසි පරිදි බෙදී යන සේ ප්‍රධාන ඇළ මාර්ගයෙහි තබන සිදුරු සහිත ලී කඳ.
කරළ
1. වි. බිහිසුණු; භයානක; ඝෝර.
2. වි. කොරොස්; කොරහැඬි.
1. නා. කැරැල්ල; කලාපය; සමූහය.
2. නා. විකා දැමූ රොඩ්ඩ; හපය.
කරළිය
නා. රඟමඬල; වේදිකාව.
කරළු
1. වි. රළුපරළු; ගොරෝසු; කර්කශ.
2. වි. කපටි කෛරාටික.
1. නා.ප්‍ර. අලුත් වස්ත්‍රය; අලුත් ඇඳුම.
2. නා.ප්‍ර. කැරැල්ල; කලාපය.
කර්ක
1. නා.ප්‍ර. සුදු අශ්වයා.
2. නා.ප්‍ර. කකුළුවා.
3. නා.ප්‍ර. කටක ලග්නය.
4. නා.ප්‍ර. කළය.
කර්කට
1. නා.ප්‍ර. කකුළුවා.
2. නා.ප්‍ර. කටක ලග්නය.
3. නා.ප්‍ර. බෙලි ගස.
කර්කට යන්ත්‍රය
නා. උඩුමහල් ආදියට නැඟීමට භාවිත කරන ලද රැහැන් හෝ හිණිමං සහිත යන්ත්‍ර විශේෂයක්.