සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 422
කර්කටක නිවර්තනය
නා. සූර්යයාගේ උතුරු ගමනේ සීමාව; නිවර්තන කලාපයේ උතුරු සීමාව.
කර්කශ
1. වි. තද; ගොරෝසු; රළු.
2. වි. නපුරු; රෞද්‍ර; කටුක.
කර්ණ ගෝචර
වි. කනට ගොදුරු වන හෙවත් ඇසෙන.
කර්ණ නාලය
1. නා. ශබ්ද කන තුළට ගෙන යන මාර්ගය; ශ්‍රවණ නාලය.
2. නා. ශ්රවණෝපකරණ විශේෂයක්.
කර්ණ පත්‍රය
නා. කන්පෙත්ත.
කර්ණ පරම්පරාව
නා. කනින් කනට යෑම; ශ්රැති පරිපාටිය.
කර්ණ පරිමාණය
(පාරිභා.) නා. සියුම් මිමි ක්‍රමයක්; කිසියම් සිතියමක හෝ සැලැස්මක අවශ්‍ය දුරක් මාන තුනකින් මැන හැකි මිම්ම; විකර්ණ ගත පරිමාණය (=diagonal scale).
කර්ණ පුටය
නා. ශ්‍රවණ නාලය; කන් ගොටුව.
කර්ණ පූතිය
නා. කනින් සැරව ගැලීමේ ලක්ෂණ කොට ඇති රෝගයක්.
කර්ණ භූෂණය
නා. කනෙහි පලඳින ආභරණය; කර්ණාභරණය; කර්ණාලංකාරය.
කර්ණ මාධූර්යය
නා. කනට මිහිරි බව; කන්කලු බව.
කර්ණ මුලාස්ථිය
නා. කන්මුල, හිස් කබලෙහි පිහිටි කොටස් හතරකින් යුත් ඇටය; ශංඛක අස්ථිය.
කර්ණ රෝධය
නා. කන් තදවීම; කන් අගුල් වැටීම.
කර්ණ ශංඛය
නා. යන්ත්‍ර තරංග ස්නායු ආවේග බවට පරිවර්තනය කරන මැද කනේ තිබෙන දඟර අවයවයය; රේවටය (=coachella).
කර්ණ ශූලය
නා. ඉතා තද කන් කැක්කුම.
කර්ණක කෝෂය
නා. හෘදය වස්තුවේ උඩු කොටස නිර්මාණය වී ඇති කෝෂ දෙකින් එකක්; හෘත් කර්ණිකාව.
කර්ණකටුක
වි. කණට අමිහිරි වූ හෙවත් රළු වූ; කන්කළු නොවන.
කර්ණගූථය
1. නා. කලාඳුරු.
2. නා. කර්ණකීලය.
කර්ණච්ඡිද්රය
නා. කන්සිදුර.
කර්ණච්ඡේදනය
නා. පුරාණ කාලයේ දඬුවම් ක්‍රමයක් වන කන් කැපීම; කන් සිඳීම.
කර්ණතාලය
නා. ඇතුන් කන්තල ගැසීම.
කර්ණද්රෝණය
නා. කනෙහි පිටට පෙනෙන සිදුර; බාහිර ශ්‍රවණ නාලය.
කර්ණධාර
නා.ප්‍ර. ජලයාත්‍රාවක සුක්කානම ක්‍රියා කරවන්නා; නියමුවා.
කර්ණපටල
1. නා.ප්‍ර. මත්ස්‍යයකුගේ වරල; කන්පත.
2. නා.ප්‍ර. අලි ඇතුන්ගේ කන්තළය.