කරල
karala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගොයම්, කුරහන් ආදි ධාන්යවල ඇට තිබෙන කොටස.
2. නා. පතෝල, මිරිස් ආදියෙහි දිගැටි හැඩයෙන් යුත් ඵලය; රනිලය.
3. නා. දිගට සිටින සේ ගොතා ඇති කෙස් රොද; ගෙතූ කොණ්ඩය.
4. නා. (ඖෂධ ආදියෙහි) දිගැටි හැඩයෙන් යුත් කොපුව.
5. නා. අස්වැන්න; වාරය; කන්නය; මෝසම.
6. නා. ශරීරයේ යම් තැනක් නිතර යමක ගැටීම නිසා ඇති වන ගැටය; කරගැටය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගොයම්, කුරහන් ආදි ධාන්යයෙහි ඇට සහිත කොටස/ ගෙතූ කොණ්ඩය/ කැප්සියුලය (පා. කරල දෙ. குரல்)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වියලි තණ මිටිය. (පි. 245)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. capsule
2. n. crop
3. Bot. ear
4. earhead
5. n. pod
6. n. seed vessel
7. seed-vessel