සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 372
කරමරානීත
පු. බලාත්කාරයෙන් ගෙන, දාසයා. (පි. 245)
කරමිත
න. දෙ අතින් මැනීම. (පි. 245)
කරරුහ
පු. නියපොතු=නඛා. (පි. 245)
කරල
න. වියලි තණ මිටිය. (පි. 245)
කරවි
පු. ඉන්දියානු කොවුලා. (පි. 245)
කරවීක
පු. එනම් පර්වත කූටය, කුරවිකෙවිළි පක්ෂියා. (පි. 245)
කරවීර
පු. කණේරු, අලරිය. (පි. 245)
කරසාඛා
ඉ. අත ඇඟිලි. (පි. 245)
කරහ
පු. පාණිතලය සම්බන්ධවූ මණිබන්ධය=මැණික් කට්ටුව=මිණිබහණ. සුලඟිල්ල, ඔටුවා. (පි. 245)
කරහචි
අ. කිසිකලක, කවර කාලයක. (පි. 245)
කරහාට
පු. අල, කන්දමූලය. (පි. 245)
කරහාටක
පු. කුකුරු මුවන් ගස. (පි. 245)
කරහි
අ. කිසි කලක, කරහචි. (පි. 245)
කරහිචි
අ. කවර කලෙක, කවදාවත්. (පි. 245)
කරි
පු. ඇතා, හස්තියා. (පි. 245)
කරිපරිභණ්ඩ
ති. අපිරිසිදුකමින් යුත්. (පි. 245)
කරිසාපණ
පු. කර්ෂාපණය, කහවණුව. (පි. 245)
කරිසාවක
පු. ඇත් පැටියා, හස්ති පුත්‍රයා. (පි. 245)
කරීර
පු. කිළිල, උන කිළිල් ආදිය. (පි. 245)
කරීස
න. වර්චස්=මල. කිරිය=සතර අමුණක්. (පි. 245)
කරීසඵල
පු. බුලුගස. (පි. 245)
කරීසමග්ග
න. අධො මාර්ගය. (පි. 245)
කරුණ
පු. නාට්‍ය රසයක්. (පි. 245)
කරුණයති
ක්‍රි. √ භු. කර කරණෙ, කිරීමෙහි කර+උ+ණ+යති) කරුණා කරයි. (පි. 245)