සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 371

කම්‍ය

න. කැමැත්ත, කරණු කැමැත්ත. (පි. 244)

කම්‍යතා

ඉ. කරණු කැමති බව, කරනු රිසි බව. (පි. 244)

කමු

√ භු. පාද වික්ෂෙපයෙහි-කමති, යෙයි.
√ චු. කැමැත්තෙහි, කාමෙති, කාමයති, කැමති වෙයි.
√ ජු. යාත්‍රාවෙහි චඞ්කමති, සක්මන් කරයි, යයි. (පි. 244)

කය

පු. මිලයට ගැනීම, වික්කය බලනු. (පි. 244)

කයති

ක්‍රි. √ භු. (කය වික්කයෙ=විකිනීමෙහි +ති) මිලදී ගනියි. (පි. 244)

කයවික්ක ක

පු. මිලදී ගන්නා, වෙළෙන්දා බඩු බෙදාහරින්නා. (පි. 244)

කයවික්කය

පු. ක්‍රයවික්‍රය, මිලට ගැනීම හා දීම, ගණුදෙනුකිරීම. (පි. 244)

කර

න. කරවුවර, අත, රශ්මිය, සොඬ.
√ න. කිරීමෙහි, (කර+ඔ+ති=කර+යිර+ති) කරොති, කයිරති, කෙරෙයි. (පි. 245)

කරක

න. දෙළුම්ගස, කෙණ්ඩිය, ධම්ම කරකය. (පි. 245)

කරකටක

පු. ජලය ගැනීමට පාවිච්චි කරන එනම් යන්ත්‍රය. (පි. 245)

කරකරා

ති. අඹරණ දත. (පි. 245)

කරකා

ඉ. පාණ වැස්ස, පිනිකැට වැස්ස. (පි. 245)

කරග්ග

පු. සොඬ අග. (පි. 245)

කරජ

පු. නියපොතු. (පි. 245)

කරඤ්ජ

පු. කරද, මගුල් කරඳ. (පි. 245)

කරටි

පු. ඇතා. (පි. 245)

කරණ

න. කරණ කාරකය, ක්‍රියා ශරීරය, ඉන්ද්‍රිය. (පි. 245)

කරණ්ඩ

√ භු. කරණ්ඩති, බෙදයි.
පු. කරඬුව, පෙට්ටිය, කොපුව. (පි. 245)

කරණ්ඩක

පු. කරඬුව, කරණී. (පි. 245)

කරණීය

න=කටයුතු, කෘත්‍යය. (පි. 245)

කරපාල

පු. කඩුව, අල්ල. (පි. 245)

කරපාලිකා

ඉ. සැට්ටය. (පි. 245)

කරපුට

පු. හස්තපුටය, දොහොත=දෝත. (පි. 245)

කරමද්ද

පු. කරඹ. (පි. 245)

කරමර

පු. බලහත්කාරයෙන් ගෙනෙන මනුෂ්‍යාදීහු. (පි. 245)