සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 373
කරුණා
ඉ. දයාව, අනුන්ගේ දුකෙහි හිත කම්පාවීම. (පි. 245)
කරුණා විහාර
කරුණා විහරණය. (පි. 245)
කරුණා සාගර
පු. කරුණා නැමැති සාගරය. (පි. 245)
කරුණාසීතල
ක්රි. කරුණාවෙන් තෙත්වූ. (පි. 245)
කරෙණු
ඉ. ඇතින්න. (පි. 245)
කරෙරි
පු. ලුණුවරණ. (පි. 245)
කරොටි
ඉ. බේසම, කෝප්පය, පාත්රය, දීසිය. (පි. 245)
කරොති
ක්රි. √ භු. කර+කරණෙ, කිරීමෙහි (කර+ඔ+ති) කෙරෙයි. (පි. 245)
කල
√ චු. දැමීමෙහි, ගෙවීමෙහි, කලෙති, කලයති, දමයි, ගෙවීයයි.
පු. මියුරු අවියත්හඬ.
√ චු. ගමනයෙහි, ගිණීමෙහි, කලෙති, කලයති, යෙයි, ගණන් කෙරෙයි.
√ භු. සැරසීමෙහි, හැකිබැව්හි, කලති, සැරසෙයි, හැකිවෙයි.
√ භු. ගණන් කිරීමෙහි, කලති, ගණන් කරයි. (පි. 246)
කලකල
පු. කල කල ශබ්දය, කොලාහලය. (පි. 246)
කලඞ්ක
පු. සලකුණ, දෝෂය. (පි. 246)
කලත්ත
න. කලත්රාව, භාර්ය්යාව. (පි. 246)
කලදි
√ භු. ආමන්ත්රණයෙහි, කලන්දති, අමතයි. (පි. 246)
කලන්ද
න. ලී මිටිය. (පි. 246)
කලන්දක
පු. ලේනා. (පි. 246)
කලභ
පු. නාම්බා (සිව්පා), තරුණයා, ඇත් නාම්බා. (පි. 246)
කලම්බ
න. කොලොම්ගස.
පු. ශරීරය. (පි. 246)
කලම්බක
පු. විලපලා. (පි. 246)
කලම්බුකා
ඉ. උණගස. (පි. 246)
කලමු
√ භු. ගිලන් බැව්හි, කලමති, වෙහෙසෙයි. (පි. 246)
කලල
පු. න. කලල රූපය, මඩ, “පඨමං කලලං.” (පි. 246)
කලලගත
ති. මඩට වැටුනු. (පි. 246)
කලලගහණ
න. මඩින් යුත්, “හොති කලලං අනක්කමිත්වා ගච්ඡතු.” (පි. 246)
කලලීභුත
ති. මඩසහිත, කැලඹුනු. (පි. 246)