සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 374

කලවිංක

පු. ගේ කුරුල්ලා. (පි. 246)

කලස

පු. කළය, ඝටය. (පි. 246)

කලසී

ඉ. පුස්වැන්න. (පි. 246)

කලහ

පු. විවාදය, කොලාහලය, ඩබරය.
√ භු. නින්දාවෙහි, කලහති, නින්දා කෙරෙයි. (පි. 246)

කල්ල

ති. නිරෝගී, දක්ෂ, සාදනලද.
√ භු. සැරසීමෙහි රොගමුක්තියෙහි, කල්ලති, සැරසෙයි, රෝගයෙන් මිදෙයි.
√ භු. ශබ්දයෙහි, කල්ලති, ශබ්ද කෙරෙයි. (පි. 246)

කල්ලහාර

පු. හෙල්මැලි. (පි. 246)

කල්ලොල

පු. මහරැල, මහදියරැල, තරඞ්ගය. (පි. 246)

කල්‍ය

ති. දක්ෂ, සමර්‍ථ, කලල. (පි. 245)

කල්‍යාණ

ති. සුන්දර, යහපත්, ඉෂ්ට. (පි. 245)

කල්‍යාණ පාපක

න. හොඳ හා නරක. (පි. 246)

කල්‍යාණ සද්ද

න. හොඳ වචනය, යහපත් කථාව. (පි. 246)

කල්‍යාණක

පු. යහපත් තැනැත්තා. (පි. 245)

කල්‍යාණජ්ඣාසය

න. යහපත් අදහස, යහපත් අදහස් ඇති. (පි. 246)

කල්‍යාණපටිභාන

න. යහපත් පිළිතුර. (පි. 246)

කල්‍යාණමිත්ත

පු. කල්‍යාණ මිත්‍රයා, අර්‍ථ සාධක මිත්‍රයා. (පි. 245)

කල්‍යාණවාක්කරණ

ති. යහපත් වචන ඇති. (පි. 245)

කල්‍යාණි

ඉ. සුන්දරිය, යහපත් තැනැත්තී. (පි. 246)

කලා

ඉ. භාග, ශිල්පය, කාල, චන්ද්‍රයාගේ සොළොස්වන කොටස, කාෂ්ඨා තිසක්, සියයෙන් කොටස, දහයෙන් කොටස. (පි. 246)

කලානිධි

පු. වන්ද්‍රයා. (පි. 246)

කලාප

න. මොනරපිල, හියවුර, සමූහය, පොකුර=මිටිය. (පි. 246)

කලාපක

න. මුතුපටක්. (පි. 246)

කලාපග්ග

න. දානය සඳහා යොදන අස්වැන්නේ කොටසක්. (පි. 246)

කලාපී

පු. මොනරා. (පි. 246)

කලාබුක

න. බොහෝ රැහැන් ඇති, කාය බන්ධනය. (පි. 246)