සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 417
කයිටින්
(පාරිභා.) නා.ප්‍ර. කුරුමිණියන්, කකුළුවන්, ඉස්සන් ආදින්ගේ තද බාහිරාවරණය සෑදුණු කොරොස් ද්‍රව්‍යය (=chitinous).
කයිතාලම
නා. දෑතින් එකට එක ගසා තාලානුරූප ශබ්ද නංවා ගැනීම පිණිස භාවිත කරන කුඩා ලෝහමය තැටි යුවළ; තාලම්පොට; අත්තාලම.
කයිතුවක්කුව
නා. අත් තුවක්කුව.
කයිමෙත්තය
නා. සිංහල නැට්ටුවන් මැණික්කටුවේ පලඳින ආභරණ විශේෂයක්; අත්පෙති.
කයිය
1. නා. යම් සාමූහික කාර්යයක් සඳහා එක් වූ කණ්ඩායම; කුඹුරු වැඩ ආදිය කිරීමේ දී උදවුවට එකතු වන පිරිස; අත්තමට එන කණ්ඩායම.
2. නා. කයියකට සහභාගි වන අය සඳහා දෙන කෑම; සාමූහික ව ගන්නා ආහාරය.
3. නා. පුරසාරම; ආත්ම වර්ණනය.
4. නා. කවිය; පද්‍යය.
කයියෝරුව
1. නා. බිත්ති ශක්තිමත් කරනු සඳහා ඒ වටා තනනු ලබන බැම්ම; පිළ; වටපිළ.
2. නා. ඒරියා කඳ උඩ කරත්තය දක්කන අයට වාඩිවීමට ඇති ලෑල්ල.
කයිරුමුල
(පාරිභා.) නා. කඳට ආධාර වශයෙන් මුක්කුවක් මෙන් සෑදෙන මුල; ඇතැම් ගස් වර්ගවල කඳෙන් ඇදෙන කරුවක් වැනි මුල; කරුමුල (=buttress root).
කයිවඩම්
නා. අතෙහි පලඳින් ආභරණ විශේෂයක්.
කයිවාරුව
1. නා. අතිශයෝක්ති වර්ණනාව; පුරසාරම.
2. නා. චාටු වචනය; ඉච්චා බස; රැවටිලි කතාව.
කර
1. නා.ප්‍ර. අත; බාහුව; හස්තය.
2. නා.ප්‍ර. හොඬ වැල; ඇත් හොඬය.
3. නා.ප්‍ර. හිරු රැස්; රශ්මිය; කාන්තිය.
4. නා.ප්‍ර. අය බද්ද; සුංගම.
5. නා.ප්‍ර. ලුණු; ලවණ; ක්ෂාරය.
6. නා.ප්‍ර. දැළි පිහිය; කර කැත්ත.
7. නා.ප්‍ර. මුහුද; සාගරය.
8. නා.ප්‍ර. බීජය; අණ්ඩය; අණ්ඩකෝෂය.
9. නා.ප්‍ර. දලුව.
10. නා.ප්‍ර. ගෙල; බෙල්ල; ග්රීවය.
11. නා.ප්‍ර. උරහිස් පෙදෙස.
1. වි. තද; රළු; ගොරෝසු; නපුරු; ක්‍රෑර.
2. වි. වියළුණු.
3. වි. අඳුරු පාටවූ; කළුපාට වූ; කළු.
4. වි. ලවණය සහිත; ක්ෂාරය සහිත.
කර අඹනවා
ක්‍රි. ගව අශ්ව ආදි සත්ත්ව වර්ගවල පිරිමි සතුන්ගේ අණ්ඩකෝෂ පොඩි කර දමනවා; බීජෝද්ධරණය කරනවා.
කර අරිනවා
ක්‍රි. යම්කිසි වැඩකට හවුල් වී එය අතරතුරේ මඟහරිනවා.
කර ඇණය
1. නා. කඩ ඇණය; බර කරත්තයක වියගහේ දෙකෙළවරට හෝ නගුලක වියදණ්ඩේ දෙකෙළවරට සවි කරනු ලබන ලී ඇණය.
2. නා. ජලය ගලා ඒමටත් නැවැත්වීමටත් කරකැවීම සඳහා යොදා ඇති කරාම ඇණය.
3. නා. වෝල්ටා මීටරයක කර ඉහට සවි කොට ඇති ඇණය.
කර උල
නා. පිහි, පීරි ආදියෙහි මිටට සවිවන උල් වූ කොටස.
කර කොළය
නා. පුරාතන අවධිවල ලිවීම සඳහා භාවිත කරන ලද පදම් නොකළ වියළි තල්පත; තල කොළය; පුස් කොළය.
කර ගහනවා
[කර + ගහනවා]
1. (කථා.) ක්‍රි. කර මත තබා ගන්නවා; බරක් කරට ගන්නවා.
2. ක්‍රි. වගකීමක් භාර ගන්නවා හෝ පවරා ගන්නවා.
3. ක්‍රි. සහභාගී වෙනවා; හවුල් වෙනවා.
කර ගෙය
නා. හිර ගෙය; සිපිරි ගෙය; බන්ධනාගාරය.
කර නගනවා
ක්‍රි. ගෙල ඔසවනවා; බෙල්ල දික් කරනවා.
කර පතර
නා.ප්‍ර. රැස් සමූහය; රශ්මි කදම්බය.
කර පලඳනාව
1. නා. අතේ පලඳින ආභරණය; වළල්ල; කංකණය.
2. නා. ගෙලෙහි පලඳින ආභරණය; මාලය; ග්‍රීවාභරණය.
කර පෘෂ්ඨය
නා. අතේ පිට පැත්ත; පිටි අල්ල.
කර පෙට්ටිය
නා. දැළි පිහියා තබන පෙට්ටිය.
කර මාලය
නා. බෙල්ලෙහි පලඳින ආභරණය; ග්‍රීවාභරණය.
කර මුවහත
නා. දැළි පිහියක වැනි සියුම් මුවහත; තියුණු මුවහත.