සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 416

කම්මුල් පාර

නා. කම්මුලට ගසන පහර.

කම්මුල්ගාය

නා. කම්මුල් ඉදිමී උණ ගැනී සෑදෙන බෝවෙන රෝගයක්; අඩප්පරය.

කම්රස

නා.ප්‍ර. කාම සම්පත් විඳීමෙන් ලබන රස; පස්කම් සුවය; කම්සැප.

කම්රුවාරු

නා.ප්‍ර. කාම, රූප, අරූප යන භව තුන.

කම්වමිය

නා. කම්සැපෙහි ලොල් ස්ත්‍රිය; අභිසරු ලිය; අභිසාරිකාව.

කම්විමුත්

වි. කර්මයක් නැති හෝ නොගන්නා; අකර්මක.

කම්සන්

1. නා.ප්‍ර. කිසියම් ක්‍රියාවක් කිරීමට කරන සංඥාව; නියෝගය.
2. නා.ප්‍ර. කාම තෘෂ්ණාව.

කම්සැප

නා.ප්‍ර. කාම සේවනයෙන් ලබන සුවය; පංච කාම සම්පත්තිය.

කමාව

නා. සමාව; ක්ෂමාව.

කමිණී

නා.ප්‍ර. හිරු; සූර්යයා.

කමිසය

නා. පිරිමින් උඩුකය වැසෙන සේ අඳින ඇඳුම් විශේෂයක්.

කමිහි වෙනවා

ක්‍රි. විනාශ වෙනවා; හෙම්බත් වෙනවා.

කමිහිය

නා. අලසබව; ප්‍රමාදය.

කමුරා

නා. ලෝහ කර්මාන්ත කරන්නා; ලෝකුරුවා.

කඹය

1. නා. පොල් හණ ආදි කෙඳි සමූහයක් එකට අඹරා සෑදු ලණු කිහිපයක් එකට වලි කොට සාදාගන්නා යොත; බාන.
2. නා. කණුව; ටැඹ; ස්තම්භය.
3. නා. කිණිහිරය.

කඹු

නා.ප්‍ර. හක්ගෙඩිය.

කඹුරනවා

ක්‍රි. මෙහෙ කරනවා; බැලමෙහෙ කරනවා.

කඹුරා

නා. යපස් උණු කොට යකඩ නිෂ්පාදනය කරන්නා; යමාන්නා; ලෝහ කර්මාන්තකාරයා; කම්මල්කාරයා.

කඹුරු

වි. පාට කිහිපයකින් යුතු; විසිතුරු.

කඹුරු හල

නා. කඹුරාගේ වැඩපොළ; යකඩ වැඩ කරන්නාගේ කර්මාන්ත ශාලාව; කම්මල.

කඹුරුසම

නා. කඹුරන්ගේ උදුනේ ගිනි මෙළවීමට සුළං පිඹින සමින් කරන ලද උපකරණය; මයිනහම.

කය

1. නා. සිරුර; ශරීරය; ඇඟ.
2. නා. බඩු මිලට ගැනීම; ක්‍රය.
3. නා. අඩු වීම; ක්ෂය වීම.

කයවික්කය

නා.ප්‍ර. බඩු මිලට ගැනීම හා විකිණීම; ගනුදෙනු කිරීම.

කයිකතන්දර

1. නා.ප්‍ර. කතා පොඩි; වෘත්තාන්ත; කථාන්තර.
2. නා.ප්‍ර. අවනම්බු ගෙන දෙන කතා; චරිතය කෙලෙසන කතාබහ; ඕපාදූප.