ගණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සමූහය; පිරිස; රැළ; රාශිය; කණ්ඩායම.
2. නා.ප්‍ර. වර්ගය; පංතිය; කාණ්ඩය.
3. නා.ප්‍ර. කුලය; ගෝත්‍රය; වංශය.
4. නා.ප්‍ර. විහාරය; ආවාසය; පන්සල.
5. නා.ප්‍ර. ආයතනය.
6. නා.ප්‍ර. ගුරුකුලය.
7. (ඡන්ද.) නා.ප්‍ර. මාත්‍රා තුනකින් යුත් අක්ෂර සමූහය.
8. නා.ප්‍ර. වෙළෙඳ සංගමය; වාණිජ ශ්‍රේණිය.
9. (පාරිභා.) නා.ප්‍ර. වර්ග කරන ලද කිට්ටු නෑකම් ඇති ශාක හෝ සත්ත්ව සමූහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමූහය; කුලය/ ධර්මය හදාරන පැවිදි ශිෂ්‍ය සමූහය/ ලඝු ගුරු මිශ්‍ර මාත්‍රා තුන (පා. සං. ගණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. amphimacer
2. anapaest
3. n. assemblage
4. n. assemblance
5. bacchius
6. n. batch
7. n. bevy
8. block
9. n. category
10. n. class
11. foot
12. Law. fraternity
13. Soc. genus
14. n. group
15. molossus
16. Psy. number
17. n. order
18. Soc. sodality