සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 548
ගණජෙටුවා
1. නා. භික්ෂු හෝ තාපස කණ්ඩායමක නායකයා; ගණ ජ්යේෂ්ඨයා.
2. නා. ගම්දෙටුවා; ගම්මුදලියා.
3. නා. සේවක පිරිසකගේ ප්රධානයා.
ගණතන්ත්රය
නා. සමූහයක් වෙත උසස් ම පාලන බලය පැවරී ඇති පාලන ක්රමය; සමූහාණ්ඩු ක්රමය.
ගණතෙර
නා.ප්ර. භික්ෂු සමූහයකට අධිපති වැඩිහිටි භික්ෂුව; විහාරස්ථානයක අධිපති ස්ථවිර; ගණනායක හිමි.
ගණන යන්ත්රය
(පාරිභා.) නා. ගණන් හිලව් සාදා ගැනීමට යොදා ගනු ලබන යන්ත්රය.
ගණනය
නා. ගණන් බැලීම; ගණන් කිරීම.
ගණනවා
1. ක්රි. ගණන් කරනවා; ගණන් බලනවා; ගිණුම් පිරික්සනවා.
2. ක්රි. ගණන් ගන්නවා; සලකා බලනවා; කල්පනාවට ගන්නවා.
3. ක්රි. ගන්නවා; ග්රහණය කරනවා; ධාරණය කරනවා.
ගණන් අරිනවා
1. (කථා.) ක්රි. උපායෙන් හා චාටුවෙන් මුළා කරනවා; රවටනවා.
2. ක්රි. බඩු මිල ඉහළ යනවා. (පාරිභෝගික) භාණ්ඩ මිල වැඩි කරනවා.
ගණන් තැබීම
නා. ගනුදෙනු අයවැය ආදිය ක්රමානුකූල ව ලේඛනගත කිරීමේ ශාස්ත්රය; පොත් තැබීම.
ගණන් පත්රය
1. නා. ගණන් ලියූ කඩදාසිය; ගණන් සටහන් කරන ලද කඩදාසි කොළය; බිල්පත.
2. නා. පාඨ පරීක්ෂණයක දී ගණිත විෂය සඳහා දෙනු ලබන ප්රශ්න පත්රය.
ගණන් පරීක්ෂකයා
නා. ගණන් හිලව් (නිවැරදිව ඇත්දැයි) පරීක්ෂා කරන නිලධාරියා; විගණක (=auditor).
ගණන් පරීක්ෂණය
නා. ආයතනික ගනුදෙනු පිළිබඳ ගණන් හිලව් නිවැරැදිව ඇත්දැයි දැන ගැනීම සඳහා කරනු ලබන සෝදිසිය; විගණනය.
ගණන් පොත
1. නා. ගණිත ශාස්ත්රය උගැන්වීම සඳහා සම්පාදනය කරනු ලැබ ඇති ග්රන්ථය.
2. නා. ගණන් හිලව් ලියා තබනු ලබන පොත; ලෙජරය.
ගණන්කාරයා
1. නා. ගණිතයෙහි දක්ෂ තැනැත්තා; ගණිත ශාස්ත්රය මැනවින් දන්නා; ගණිතවේදියා.
2. (රූඪි.) නා. රැවටිලිකාරයා; චාටුබස් දොඩවන්නා; කපටියා.
3. (කථා.) නා. චණ්ඩියා.
ගණන්චක්රය
නා. ගණිත වගුව; ගණිත චක්රය.
ගණනාතික්රාන්ත
වි. ගණක අතික්රාන්ත; ගණන් කරන්නට බැරි තරම් ප්රමාණ ඉක්ම වූ; අපමණ වූ.
ගණනාථ
නා.ප්ර. ගණ දෙවියා
ගණනායක
නා. භික්ෂු සමූහයක නායකයා; සංඝනායක,
ගණනාව
1. නා. ලොකු ගණන; විශාල සංඛ්යාව.
2. නා. ගණන් කිරීම.
3. නා. ගණන් සෑදීම.
ගණනීය
වි. ගණන් කරනු ලැබිය හැකි සංඛ්යාවෙන් මෙතෙකැයි දක්වනු ලැබිය හැකි.
ගණපති
නා.ප්ර. ගණදෙවියා; ගණේෂ.
ගණපූරණය
නා. නීත්යනුකූල රැස්වීමක් පැවැත්වීම සඳහා ව්යවස්ථාවෙන් අවශ්ය යයි නියමිත අවම සාමාජික සංඛ්යාව; කෝරම.
ගණබන්ධනය
නා. එක්රැස්වීම; රාශීභූත වීම.
ගණමතිය
නා. ගිවිසුම; සමගි සම්මුතිය.
ගණය
1. නා.ප්ර. සමූහය; පිරිස; රැළ; රාශිය; කණ්ඩායම.
2. නා.ප්ර. වර්ගය; පංතිය; කාණ්ඩය.
3. නා.ප්ර. කුලය; ගෝත්රය; වංශය.
4. නා.ප්ර. විහාරය; ආවාසය; පන්සල.
5. නා.ප්ර. ආයතනය.
6. නා.ප්ර. ගුරුකුලය.
7. (ඡන්ද.) නා.ප්ර. මාත්රා තුනකින් යුත් අක්ෂර සමූහය.
8. නා.ප්ර. වෙළෙඳ සංගමය; වාණිජ ශ්රේණිය.
9. (පාරිභා.) නා.ප්ර. වර්ග කරන ලද කිට්ටු නෑකම් ඇති ශාක හෝ සත්ත්ව සමූහය.