තාපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රස්නය; උණුසුම ඇති කිරීමේ ශක්තිය; උෂ්ණත්වය; ග්රීෂ්මය.
2. (පාරිභා.) නා. වස්තුවකට ඇතුළු කළ විට එහි උෂ්ණත්වය වැඩි කරන්නා වූ ද, ඉන් ඉවත් කළ විට එහි උෂ්ණත්වය අඩු කරන්නා වූ ද ශක්තිය.
3. නා. සිතේ ඇතිවන වේදනාව; තැවුල; පීඩාව; සන්තාපය.
4. නා. (කෙලෙසුන්) තැවීම; මැඩීම; මර්දනය.
5. නා. නිරයක නමක්; තාපනරකය.