තැන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්ථානය; භූමිය; භූමිභාගය.
2. නා. අවස්ථාව; අවසරය; අවකාශය.
3. නා. දුර ප්‍රමාණය.
4. නා. පදවිය; ධූරය; තනතුර.
5. නා. කරුණ; තොරතුර.
6. නා. තැනැත්තා; ගෞරව කටයුතු පුද්ගලයා; හිමිනම; භික්ෂුනම.
7. නා. කම්මැලිකම; අලසකම; නිරුත්සාහය; ථීනය.
ක්‍රි.වි. වේලාවෙහි; අවස්ථාවෙහි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ස්ථානය/ අවස්ථාව/ දුර ප්‍රමාණය/ පදවිය/ තොරතුර (පා. ඨාන සං. ස්ථාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. place
2. n. point
3. Ele. position
4. Phy. site
5. n. spot
6. n. venue