දඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පාදයේ දණහිසින් පහළ පසු භාගයේ පිහිටි මස් ගොබය; ජංඝාව; කෙණ්ඩය; බත් කෙණ්ඩය.
2. නා.ප්‍ර. පෙරළිය; නොසන්සුන්කම; තක්කඩිකම; කලබලකාරී ගතිය; අවිනය.
3. නා.ප්‍ර. කපටිකම; කෛරාටිකකම; වංචාව; ප්‍රයෝගය; යටි උගුල.
4. නා.ප්‍ර. බන්ධනය; සිර කිරීම; අත් අඩංගුව; ග්‍රහණය; අවනත කිරීම; අල්ලා ගැනීම.
5. නා.ප්‍ර. හැකිල්ල; මාංචුව; විලංගුව.
6. නා.ප්‍ර. ඇතුන් බඳිනා දම්වැල.
7. නා.ප්‍ර. වෙළුම; ඇඹරුම.
8. නා.ප්‍ර. සර්පයන්ගේ දරණ.
1. වි. කොටු වුණු; හිර වුණු.
2. වි. නොසන්සුන්; නොතැන්පත්; පෙරළිකාර; තක්කඩි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තැන්පත් නැති/ කපටි/ සිරවුණු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. calf
2. n. cuffs
3. n. jinks
4. a. mischievous
5. a. naughty
6. n. prison