අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 142
ථූපිකාව
නා. කොත (පා. ථූපිකා)
ථූල
වි. මහත; තර (පා. ථූල සං. ස්ථුල)
ථේර
නා.ප්‍ර. තෙරුන් වහන්සේ; ස්ථවිර (පා. ථෙර)
ථේරවාදය
නා. ප්‍රථම ධර්ම සංගායනාවේ දී තෙරුන් වහන්සේලා විසින් සකස් කරන ලද බුද්ධ දේශනාව (පා. ථෙරවාද)
ථේරීගාථා
නා.ප්‍ර. රහත් භික්ෂුණීන් වහන්සේලා විසින් ප්‍රකාශ කරන ලද උදාන ගී (පා. ථෙරීගාථා)
දංෂ්ට්රාව
නා. බුදුරදුන්ගේ දළදාව/ දත; දළය (සං. දංෂ්ට්රා)
දක්ඛිණ
වි. උතුරට ප්රතිමුඛ; දකුණු (පා. දක්ඛිණ)
දක්ඛිණෙය්‍ය
වි. සිවුපසය ලැබීමට සුදුසු (පා. දක්ඛිණෙය්‍ය)
දක්ෂ
වි. යම් කාර්යයක හපන්කම් ඇති; ශූර (සං. දක්ෂ)
දක්ෂිණ ධ්‍රැවය
නා. පෘථිවි අක්ෂයේ දකුණු කෙළවර
දක්ෂිණායනය
නා. සූර්යයා නිරක්ෂ රේඛාවෙන් දකුණට බර ව යන ගමන (සං. දක්ෂිණායන)
දක්ෂිණාර්ධගෝලය
නා. පෘථිවි ගෝලයෙහි නිරක්ෂ රේඛාවෙන් දකුණෙහි පිහිටි අර්ධය
දක්ෂිණාර්හ
වි. දානය පිළිගැනීමට සුදුසු; පූජා ලැබීමට සුදුසු (සං. දක්ෂිණාර්හ)
දක්ෂිණාව
නා. දන් දෙන වස්තුව/ දානය; පූජාව; බ්‍රාහ්මණාදී පූජකයන්ට පිළිගන්වන පඬුර (සං. දක්ෂිණා)
දක්ෂිණාවර්ත
වි. දකුණට කරකැවුණු (සං. දක්ෂිණාවර්ත)
දක්ෂිණාවෘත්ත
වි. දකුණට කරකැවුණු (සං. දක්ෂිණාවෘත්ත)
දක්ෂිණෝදකය
නා. දක්ෂිණාර්හ අයකුට පූජා පැවැත්වීමේ දී ආරාධනා කිරීමට ප්‍රතිග්‍රාහකයා අත වත් කරන ජලය (සං. දක්ෂිණොදක)
දක්ෂිණ
වි. දකුණු (සං. දක්ෂිණ)
දකුණ
නා. උතුරට ප්‍රතිවිරුද්ධ පැත්ත/ වමට විරුද්ධ පැත්ත (පා. දක්ඛිණ සං. දක්ෂිණ)
දකුණැලය
නා. දකුණු ඇලපත; දකුණු අංශය
දකුණු පළාත
නා. පළාත් නවයෙන් එකක්
දග්ධ
වි. වියළුණු; දැවුණු/ අඥාන (සං. දග්ධ)
දඟ
වි. තැන්පත් නැති/ කපටි/ සිරවුණු
දඟරය
නා. වළලු වශයෙන් ඔතන ලද්ද/ දරණය/ සර්පිලය/ වෙළුම; ඇඹරුම