අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 143

දඟලනවා

ක්‍රි. තැන්පත් ගතියෙන් තොරව ක්‍රියා කරනවා/ වෑයම් කරනවා/ බලය පානවා

දඩුවම

නා. වරදකරුවකු හික්මවීම සඳහා ලබා දෙන සිරගත කිරීම්, දඩ ගැසීම්, පහර දීම් ආදි ක්‍රියා (පා. දණ්ඩකම්ම සං. දණ්ඩකර්මන්)

දණ

නා. දණ හිස; ජානුව (පා. ජාණු සං. ජානු)

දණ්ඩ

නා.ප්‍ර. දැව/ පොල්ල; මුගුර/ දඬුවම (පා. සං. දණ්ඩ)

දණ්ඩ නීතිය

නා. දඬුවම් පැමිණවීමේ රාජ්‍ය නීතිය/ යුක්තිය පසිඳලීමේ වරය (සං. දණ්ඩනීති)

දණ්ඩනය

නා. දඬුවම/ දඩය (සං. දණ්ඩන)

දණ්ඩිය

නා. බරක් එසවීමට යොදා ගන්නා මුක්කුව/ බර උසුලන හෝ බර මෙහෙයවන ආධාරකය

දණිපණි ගානවා

ක්‍රි. අතින් පයින් වාරුගන්නවා/ ලහි ලහියේ යම් ක්‍රියාවක යෙදෙනවා

දඬුකඳ

නා.ප්‍ර. පුරාණයෙහි දඬුවම් දීමට භාවිත කළ උපකරණයක්; කුරංගුව

දඬුමොනරය

නා. දැවයෙන් කළ මොනරකුගේ හැඩයෙන් යුත් ගුවන්යානාව

දඬුවැට පහන

නා. රිටක සවි කළ ප්‍රදීපය

දත්ත

නා.ප්‍ර. නිගමනයකට අවශ්‍ය වන මූලික කරුණ (පා. සං. දත්ත)

දද

1. නා.ප්‍ර. කොඩිය/ පුරුෂ නිමිත්ත (සං. ධ්වජ) 2. බමුණා/ දළය (පා. දිජ සං. ද්විජ) 3. මෝඩයා/ අඥානයා (පා. දන්‍ධ සං. දග්ධ) 4. පරපෝෂිතයකු නිසා සමෙහි හටගන්නා රෝගයක් (පා. දද්දු සං. දද්‍රැ)

දධි

නා.ප්‍ර. මුදවපු මී කිරි (පා. සං. දධි)

දන

1. නා. දානය/ බත (පා. සං. දාන) 2. ජනතාව (පා. සං. ජන) 3. ධනය; වස්තුව (පා. සං. ධන) 4. දැනීම; අවබෝධය (පා. ජානන) 5. ධ්‍යානය (සං. ධ්‍යාන)

දනව්ව

නා. රාජ්‍යයක ජනාවාස වූ විශාල ප්‍රදේශය; ජනපදය (පා. සං. ජනපද)

දන්ත

1. නා.ප්‍ර. දත; දළය (පා. සං. දන්ත) 2. දැමුණු (පා. දන්ත)

දන්ත ශල්‍යාගාරය

නා. දත් රෝග සඳහා ශල්‍යකර්ම ආදි ප්‍රතිකාර කරන ආයතනය

දන්තධාතුව

නා. දාඨා ධාතුව

දන්තාරෝග්‍ය ශාලාව

නා. දත් රෝගවලට ප්‍රතිකාර කරන රෝහල

දන්තෞෂ්ඨජ

වි. දත් හා තොල් ඇසුරින් උපදින (සං. දන්තෞෂ්ඨ්‍ය)

දපණය

නා. දර්පණය (සං. දර්පණ)

දපනය

නා. සිහිමුළා බවට පත් වීම; වසඟ වීම

දබරය

නා. කලහය/ බර එසවීමට භාවිත කරන උපකරණයක්