අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 144

දමනය

නා. හික්මීම; සංවර බව (පා. සං. දමන)

දම්වැල

නා. පුරුක් එකිනෙක අමුණා තැනූ ශක්තිමත් දාමය; හැකිල්ල

දමිළ

වි. ද්‍රවිඩ ජාතියට හා භාෂාවට අයත් (පා. දමිළ)

දඹ

1. නා.ප්‍ර. එනම් ගස් වර්ගය/ දම් පැහැය (පා. සං. ජම්බු) 2. දාමය; වැල (පා. සං. දාම) 3. බෑවුම් සහිත ගල් කුළ

දඹකොලපටුන

නා. ශ්‍රී මහා බෝධිය රැගෙන හා සංඝමිත්ත මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ පිරිස ගොඩ බට ස්ථානය

දඹදෙණිය

නා. ලක්දිව පැරණි රාජධානියක නාමය (පා. ජම්බුද්දොණි)

දඹල

නා.ප්‍ර. වැල් වර්ගයකට හා එහි කරල්වලට ව්‍යවහාර කරන නාමය

දඹු

වි. දැවී ගිය (සං. ඣාමක) නා.ප්‍ර. 1. හිවලා (පා. සං. ජම්බුක) 2. කඩමාලු

දයාර්ද්‍ර

වි. කරුණාවෙන් තෙත් වූ

දයාලු

වි. කරුණාව ඇති; මෛත්‍රිය ඇති (පා. සං. දයාලු)

දරණ

1. නා.ප්‍ර. දඟර ගැසුණු දෙය 2. සිත්හි දැරීම; ධාරණය (සං. ධරණ)

දරණුව

නා. හැළි වළං වැනි භාජන තැබීමට කොහු ලණු ආදියකින් තනා ගන්නා වළල්ල/ කම්බි ආදියෙන් සාදන දඟරය

දරදඬු

වි. අනම්‍ය/ හිතුවක්කාර නා.ප්‍ර. දර කෝටුව

දරන

වි. ‘දරනවා’ යන්නෙහි වර්තමාන කෘදන්තය (පා. ධාරෙති සං. ධරති)

දර්පණය

නා. මුහුණ බලන කැඩපත (පා. දප්පණ සං. දර්පණ)

දර්පය

නා. තේජස; ආඩම්බරය (සං. දර්ප)

දර්ශක

වි. පෙන්වන; දක්වන; අඟවන (සං. දර්ශක)

දර්ශනය

නා. යමක් දෑසින් දැකීම/ දැක්වීම; ගෙන හැර පෑම/ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට ඉවහල් වන විද්‍යාව (පා. දස්සන සං. දර්ශන)

දර්ශනීය

වි. මනහර පෙනුමෙන් යුතු; දැකුම්කලු (සං. දර්ශනීය)

දර්ශීය

වි. ආදර්ශයක් වශයෙන් දැක්විය හැකි/ ස්වකීය වර්ගයට අයත් ගති ලක්ෂණ ඇති

දරිද්‍ර

වි. දුප්පත් (සං. දරිද්‍ර)

දරුණු

වි. කද; දැඩි/ බිහිසුණු (පා. සං. දාරුණ)

දල

1. නා.ප්‍ර. කොළය; දලුව/ මල්පෙත්ත (පා. සං. දල) 2. දිය; ජලය (පා. සං. ජල) 3. ගින්න (පා. ජාලා සං. ජ්වාල) 4. දැල; ජාලය (පා. සං. ජාල)

දලනිඳු

නා.ප්‍ර. සාගරය; මුහුද (සං. ජලනිධි, ජලෙන්‍ද්‍ර)