අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 145
දලබුව
නා. වැදෑමහ (පා. ජලාබු)
දලු
වි. ළා; නොමේරූ; ළපටි (පා. සං. ජාලක)
දලුව
නා. ළපටි කොළය/ අංකුරය (පා. සං. ජාලක)
දවාල
නා. දහවල
දවුණ්ඩය
නා. පැරණි සිංහල රජ සමයෙහි භාවිත කළ බෙර විශේෂයක්/ සිංහල රජ සමයේ පිරිනමන ලද උපාධි නාමයක්
දවුල
නා. බෙර විශේෂයක්
දශ අකුශල
නා.බහු. කය, වචනය, සිත යන තුන් දොරින් සිදු වන අකුසල් දහය
දශ අභුභ
නා.බහු. මළ සිරුර පිළිබඳ අසුභ වශයෙන් සිතට අරමුණු වන අවස්ථා දහය (පා. දස අසුභ සං. දශ අශුභ)
දශක
නා.ප්ර. දහයකින් යුත් (සං. දශක)
දශනුදිශා
නා.ප්ර. දිසා හා අනු දිසා දහය
දශප්රණිධාන
නා.ප්ර. මහායාන ධර්මය අනුව බෝධිසත්වවරුන් පිරිය යුතු ප්රාර්ථනා දහය
දශප්රාණ
නා.බහු. සංස්කෘත විචාර කලාවේ රීති සම්බන්ධව පවත්නා දසවිධ ගුණය (සං. දශප්රාණ)
දශපුණ්ය ක්රියා
නා.බහු. දසවිධ පින්කම්
දශබලධාරී
වි. කාය හා ඥානබල දහයකින් යුත්
දශම
වි. දහයෙන් කොටසක් වූ (සං. දශම)
දශමභාගය
නා. හරය වශයෙන් දහයේ බලයක් ඇති භාගය
දශමස්ථානය
නා. දශම තිතේ සිට දකුණට පිහිටි දහයෙන් කොටස් වශයෙන් දැක්වෙන ස්ථානය
දශමූලාරිෂ්ටය
නා. ඖෂධ වර්ග දහයක් මුල් කොටගෙන පෙරා ගත් ඖෂධ සංයෝගය
දශරාජ ධර්මය
නා. යහපත් රජකු විසින් රට පාලනයේ දී උපයෝගී කර ගනු ලබන ධර්ම දහය
දශාපහරණය
නා. යමකු උපන් දශාවෙන් ගෙවී ගිය කාලය හා ඉදිරියට ඇති කාලය
දශාව
නා. වස්ත්රයක කෙළවර; වාටිය; කොන/ කාලය; අවධිය/ නක්ෂත්රයට අනුව එක් එක් ග්රහයාට හිමි වන කාලපරිච්ඡේදය (පා. දසා සං. දශා)
දශාස්රය
නා. කෝණ දහයක් හා පැති දහයක් ඇති තල රූපය
දෂ්ට
වි. හපා කන ලද; දළ ගැසූ (සං. දෂ්ට)
දසදිසාව
නා. දිසා දහය (පා. දසදිසා)