අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 146
දසරුව
නා. උරහිස
දහනය
නා. ගින්නෙන් දැවීම (පා. සං. දහන)
දහවල
නා. දවසේ හිරු එළිය පවතින කාලය/ මධ්‍යාහ්නයට ආසන්න කාලය
දළ
වි. දැඩි; රළු/ මහත් වූ; විශාල වූ/ සාමාන්‍ය; අනුමාන (සං. දෘඪ) නා.ප්‍ර. දත/ඇත්, ඌරු ආදීන්ගේ මුඛයෙන් පිටතට නික්මුණු දත/ සර්ප, මදුරු, මැසි ආදි සතුන් දෂ්ට කිරීමට භාවිතා කරන දත හෝ තුඩ (පා. දාඨා)
දළ මඬුල්ල
නා. හැඩපලු ගැසුණු කෙස් වැටිය
දළ ලාභය
නා. ප්රාග්ධනය වෙනුවෙන් ලැබෙන මුළු ලාභ ප්‍රමාණය
දළ සැලැස්ම
නා. යම් දෙයක මූලික සටහන; කටු සටහන
දළදඬු
වි. නොනැමෙනසුලු/ ගොරහැඩි
දළදා
නා.ප්‍ර. දන්ත ධාතුව (පා. දාඨාධාතු)
දළදා මළුව
නා. දළදා මන්දිරය
දළදා මාළිගාව
නා. දළදා මන්දිරය
දළනෙත
නා. ඊශ්වර දෙවියන්ගේ නළලේ වූ ඇස
දළපුඩු
වි. ඇත් දළින් කරන ලද මිටක් ඇති
දළඹුවා
නා. විෂ බූවක් සහිත කුඩා පණුවා
දළ්හ
වි. දැඩි; කර්කශ (පා. දළ්හ)
ද්වන්ද්ව
වි. දෙදෙනකු හෝ යුග්මයක් හෝ අතර වන/ තර්කානුකූල; හේතු විද්‍යාත්මක (සං. ද්වන්දව)
ද්වය
නා.ප්‍ර. දෙක (පා. සං. ද්වය)
ද්වාත්‍රිංශත්
නා.ප්‍ර. දෙතිස; තිස්දෙක (සං. ද්වාත්‍රිංශත්)
ද්වාදශ
නා.ප්‍ර. දොළහ; දොළස (සං. ද්වාදශ)
ද්වාරමණ්ඩපය
නා. වටේට ආවරණය වන ලෙස තනන ලද ගෘහය හෝ ශාලාව
ද්වාරය
නා. දොරටුව; ප්‍රවේශ ස්ථානය (පා. සං. ද්වාර)
ද්වි
වි. දෙකකින් යුත් (සං. ද්වි)
ද්විගුණ
වි. දෙගුණය; දෙකෙන් වැඩි කරන ලද (සං. ද්විගුණ)
ද්විජ
නා.ප්‍ර. දෙවරක් උපන් තැනැත්තා; බමුණා/ පක්ෂියා/ සර්පයා (සං. ද්විජ)