අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 147
ද්විත්ව
වි. දෙකක් වූ (සං. ද්විත්ව)
ද්විතීය
වි. පළමු වැනි තැනට පසුව එන; දෙවැනි වූ (සං. ද්විතීය)
ද්විතීයික
වි. පසුව ඇති වූ; දෙවනුව හට ගත්
ද්විතුණ්ඩ
වි. කුඩා උල් දෙකක් සහිත
ද්විපාර්ශ්වික
වි. පැති දෙකක් ඇති; පාර්ශ්ව දෙකකින් යුක්ත වූ
ද්විභාෂා
වි. භාෂා දෙකකින් යුත්
ද්විලිංගික
වි. ලිංගද්වයයෙන් යුත්; ස්ත්‍රී ලිංග හා පුරුෂ ලිංග
ද්විවිධ
වි. විධි දෙකකින් යුත් (සං. ද්විවිධ)
ද්වීප
නා.ප්‍ර. ඇතා; හස්තියා (සං. ද්විප)
ද්වීපය
නා. දූපත; දිවයින (සං. ද්වීප)
ද්වේෂය
නා. පුද්ගලයා දූෂ්‍ය කරන ස්වභාවය; වෛරය (සං. ද්වෙෂ)
ද්‍යුති
නා.ප්‍ර. දූ කෙළිය; සූදු ක්‍රීඩාව (සං. ද්යුත)
ද්යූත
නා.ප්‍ර. කාන්තිය; ප්‍රභාව (සං. ද්‍යුති)
ද්යෝතක
වි. හෙළි කරන; ප්‍රකට කරන (සං. ද්‍යොතක)
ද්‍රවණය
නා. දියවීම හෝ දිය කිරීම (සං. ද්‍රවණ)
ද්රවණාංකය
නා. සීනි, ලුණු සහ ලෝහ ආදි කිසියම් ද්‍රව්‍යයක් ද්‍රව කිරීමට අවශ්‍ය තාපාංකය (සං. ද්‍රවණ+අංක)
ද්‍රවමානය
නා. ද්‍රවයක විශිෂ්ට ගුරුත්වය මැන ගන්නා උපකරණය
ද්‍රවශීලතාව
නා. ධනයක්, වස්තුවක් මුදල් බවට හරවනු ලැබීමට ඇති හැකියාව
ද්‍රවස්ථිති
වි. නිශ්චල ද්‍රවයන් පිළිබඳ
ද්‍රව්‍යය
නා. භෞතික වස්තුව; භාණ්ඩය/ මූලපදාර්ථය (සං. ද්‍රව්‍ය)
ද්‍රවිඩ
නා.ප්‍ර. ජාතියක නාමය හා එම ජාතියෙහි භාෂාව (සං. ද්‍රවිඩ)
ද්‍රවීකරණය
නා. ගෑස් ආදි වායුවක් හෝ ඝන ද්‍රව්‍යයක් හෝ දියර බවට පත් කිරීම (සං. ද්‍රවීකරණ)
ද්‍රවීභූත
වි. ද්‍රව බවට පත් වූ; දිය වූ
ද්‍රාවණය
නා. යම් ද්‍රව්‍යයක් ද්‍රාවකයක දිය කළ විට සෑදෙන මිශ්‍රණය (සං. ද්‍රාවණ)